අයහපත් කාලගුණයෙන් යුරෝපයට බාධා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා කලාපයට බලපා ඇති අධික වර්ෂාවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ රුමේනියාවටයි.

අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අවතැන් පිරිස් රදවා තැබීම සදහා සහන කදවුරු රැසක් ස්ථාපනය කර තිබෙන අතර, නැගෙනහිර රුමේනියාවේ නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආරක්ෂක අංශ කැදවා තිබෙන අතර, චෙක් රාජ්‍ය, පෝලන්තය, ඔස්ට්‍රියාව, ස්ලෝවැකියාව හා හංගේරියාවට ද ගංවතුරෙන් දැඩි හානි සිදුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...