සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ පත්කර තිබේ.
ඒ, එහි හිටපු සභාපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය.
දූෂණ විරෝධී වැඩසටහනක් වෙනුවෙන් ජපානයේ ජයිකා ආයතනයෙන් ලැබුණු මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෞෂල්‍ය නවරත්න ඇතුළු පිරිසකට චෝදනා එල්ල වීමෙන් පසු ඔහු නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.