*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මම දැන් ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින්නේ රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි – ජනපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

අපනයන ආර්ථිකයක්, කෘෂි නවීකරණය, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරමින් නව ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමේ ආර්ථික විප්ලවය සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ සාධාරණත්ව කොමිසම ඇති කිරීම ඇතුළු සමාජ විප්ලවයත්, දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සංවර්ධන සභා හා ජන සභා ඇති කරමින් කාන්තා හා තරණ නියෝජනය ඉහළ නැංවිමේ දේශපාලන විප්ලවයත් ඉදිරි වසර 05 තුළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා. රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් තම නායකයන්ගෙන් ලද පුහුණුව අනුව තමා එම ප්‍රතිපත්තිය අනුගමනය කළ බවත් පැවසු ජනාධිපතිවරයා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනැඟීමේ වත්මන් වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බවද පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් පිරිස ඇති වූ එම තත්ත්වය ගැන අමනාපයෙන් පසුවිය හැකි නමුත් ඊට විසඳුම මාලිමාවට ඡන්දය දීම නොව රට දිනවීමට එක්වීම බව පැවසූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද එම පක්ෂයේ බහුතරයක් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට දායක වෙමින් සිටින බවද පැවසුවා.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

” රට අසීරුතාවට පත්වු අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවයි. එම ප්‍රතිපත්ති අනුගමනය කළ මට රනිල් රාජපක්ෂ කියා චෝදනා කළා. පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතරයක් මා සමඟ සිටියා.  සුළුතරයක් ජී.එල්. පීරිස් සමඟ ගියා. එවිට අප සජිත් පීරිස් කිව්වේ නැහැ, අප කටයුතු කළේ රට ගැන හිතලයි.

එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මට ලැබණු පුහුණුව අනුව මම කටයුතු කළා. ඉන් පසු කණ්ඩායම මා සමඟ කටයුතු කර එම පුහුණුව ලැබුවා. අද අප සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩගෙන තිබෙනවා. අප එක්ව රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළා.ආර්ථිකය බිඳ වැටී ඇති රටක්, අපනයන සදහා ගෙවීමට විදේශ විනිමය නොමැති රටක් වසර දෙකකින් ගොඩ ගන්න බැහැ. ඒ නිසා මේ ස්ථාවරභාවය තහවුරු කරමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා මෙවර ජනවරම ඉල්ලා සිටිනවා.

ඒ නිසා ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මට ඡන්දය ලබා දෙන්න කියා මා ඉල්ලනවා. ඔබ එක්සත් ජාතික පක්ෂයට ද්‍රොහි වෙනවා නම් සජිත් පීරිස්ට ඡන්දය ලබා දෙන්න කියා මම කියනවා. එක්සත් ජාතික පක්ෂය හැර ගිය සියලුදෙනාට නැවත පැමිණෙන ලෙස මම ආරාධනා කරනවා. අපි වැඩ කළේ රට බේර ගැනීමටයි.එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් අය ඇතැම් විට ඇති වූ එම තත්ත්වය ගැන අමනාප විය හැකියි. නමුත් එයට විසඳුම මාලිමාවට ඡන්දය ලබා දීම නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණත් පක්ෂයේ අය එක් කරගෙන රටේ ආර්ථිකය ගොඩගැනීමට අපට හැකි වුණා. ඒ නිසා රට දිනවීම වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කළ යුතුයි.

රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරමින් ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. මේ ප්‍රදේශවල කෘෂිකර්මය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, ජාත්‍යන්තර මැණික් කලාපයක් මෙහි ඇති කර මැණික් කර්මාන්තය දියුණු කිරීම ඇතුළු සැලසුම් අප සකස් කර තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. අනෙක් අපේක්ෂකයන්ට සැලැස්මක් නැහැ. ජනතාවට සියල්ල නොමිලේ ලබා දෙනවා කියා ඡන්දය දිනන්න ඔවුන් හදනවා. එය කිසිවිටෙකත් කරන්න බැහැ. ඉතිහාසයේ එවන් දෙයක් සිදුව නැහැ.

මට පාර්ලිමේන්තුවෙන් වසර දෙකක ජනවරමක් ලබා දුන්නේ මේ රටේ ආර්ථික ස්ථාවරයභාවය ඇති කිරීමටයි. මම දැන් ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටින්නේ රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි.අපනයන ආර්ථිකයක්, කෘෂි නවීකරණය, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරමින් නව ආර්ථිකයක් ලබාදීමේ විප්ලවය මම සිදු කරනවා. ඒ වගේම අස්වැසුම, උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරමින් එම සමාජ විප්ලවය සිදු කරනවා.

ඒ වගේම දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සංවර්ධන සභා, ජන සභා ඇති කරන අතර තුර දේශපාලනය තුළ කාන්තා හා තරණ නියෝජනය ඉහළ නැංවිමේ දේශපාලන විප්ලවය ද සිදු කරනවා. එම ආර්ථික, දේශපාලන සහ සමාජ විප්ලවය සිදු කිරීමේ ජන වරම සැප්තැම්බර් 21 වනදා මට ලබාදෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

අද (15) පස්වරුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රත්නපුරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan