අදත් (15) ප්‍රදේශ රැසකට වැසි

Date:

අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...