21දා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ (LNW):

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානය විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙන බව සඳහන් වන අතර, ඒ අනුව ලබන 20 වනදා උදෑසන 08 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිස් ස්ථානවල තම රාජකාරියේ නිරතවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

තවද , 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටින්නේ , මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බවයි.

එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ,මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුඳ යෙදවීමට නියමිත බවයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණ කරගෙන මෙසේ පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...