හිටපු ජනපති මෛත්‍රීගේ අලුත් ඉල්ලීම!

Date:

කොළඹ LNW:චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය හරහා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මතභේදාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් එම ප්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින් හා විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ මේ වනවිට තීන්දු ලබාදී අවසන් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඊයේ (15) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදීයි හිටපු ජනාධිපතිවරයා සිය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මාර්ගයෙන් මෙම ඉල්ලීම කර තිබුණේ.

අදාළ පෙත්සම් බුවනෙක අලු‍විහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි.

මේ අතර එළඹෙන සඳුදා තමන් මෙරට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සංදේශයක් භාර දෙන බවද මෙම නඩු විභාගයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...