Monday, September 25, 2023
spot_img

Latest Posts

මී මැසි ජනපදවලට කෘමි ප්‍රහාරයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කළ පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ මී මැසි ජනපදවලට හානි කරන නව කෘමියෙක් කෑගල්ල දිස්ත්‍රික්කයෙ ව්‍යාප්ත වන බවයි.

එම කෘමියා ‘Small hive beetle’ නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බවත් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ මී මැසි ජනපදවල මී මැස්සන් සිය වාසස්ථාන අත්හැර දමායන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පසුගිය දිනෙක ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙම කෘමියා හඳුනාගෙන ඇත.

එම කණ්ඩායම මෙරටින් ප්‍රථමවරට මී මැසි ජනපදවලට හානිකරන නව කෘමි විශේෂයක් සොයාගැනීමට සමත් වූ බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දැලිවල කෘෂි උපදේශක කොට්ඨාසයේ වැලිගමුව ගමෙහි මී වදයක ප්‍රථම වතාවට එම කෘමියා නිරීක්ෂණය වී ඇති අතර “ස්මොල් හයිව් බීට්ල්” (SMALL HIVE BEETLE) නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බව පැවසෙන එම කෘමියා මී මැසි ජනපද තුළට රිංගා මී වද තුළ බිත්තර දමන බවත් , ඉන් උපදින කීටයින් මී පැණි ,පරාග ,මී ඉටි ආහාරයට ගෙන වැඩෙන හෙයින් මී මැස්සන් තම ජනපද හැරදමා යන බව මොවුන් සොයාගෙන ඇත.

කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නිල්මා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම නව කෘමියා සම්බන්ධයෙන් මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් දැනුවත් කිරීම කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පසුගියදා සිදුකෙරුණු අතර, මේ වනවිට එම නව කෘමියා පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ බණ්ඩාරවෙල බිදුණුවැව මී මැසි පර්යේෂණ ඒකකය මගින් පවත්වනු ලබන බව පැවසේ.

මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් තමන්ගේ ජනපද පිළිබඳව දැඩි සෝදිසියෙන් සිට එවැනි කෘමී උවදුරක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කියා සිටි අතර , මී පැණි නිෂ්පාදනයට අමතරව මෙරට ආහාර දාමයට පරාගනය තුළින් අතිවිශාල සේවාවක් ඉටු කරන මී මැස්සන් එම නව කෘමියා විසින් විනාශකර දැමුවහොත් මෙරට ආර්ථිකයට හා ස්වයං රැකියාවල නිරත වන්නන්ටද විශාල පහරක් වන බව කෘෂි නිලධාරීන් පවසා සිටියේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.