21න් පස්සේ තෙල්, ගෑස් හිඟයක් ඇතිවෙන්නේ නෑ, අපි සහතික වෙනවා – නලින්ද ජයතිස්ස

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි දෑ හිඟයක් ඇතිවන බවට ඇතැමුන් භීතියක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටින නමුත් එවැන්නක් සිදු නොවන බවට තමන් සහතික වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“සමහර තැන්වල භීතියක් හදමින් යනවාලු මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර ජනාධිපති වුණායින් පස්සේ රටේ යම්යම් තැන්වල තෙල්, ගෑස්, ගල් අඟුරු වගේ දේවල් හිඟයක් ඇතිවෙනවා, විදුලිය දෙන්න බැරිවෙනවා, භාණ්ඩ හා සේවාවල් දෙන්න බැරිවෙනවා වගේ දේවල් කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒවාට කිසිසේත් බයවෙන්න එපා. ඉදිරියට ඔබට අවශ්‍ය තෙල්, ගෑස් අඛණ්ඩව සපයන්න අපි සහතික වෙනවා. ඔබට අවශ්‍ය ආහාර, භාණ්ඩ හා සේවා සැපයීම අපි සහතික කරනවා. විදුලිය සැපයීම පැය 24 අඛණ්ඩව සහතික කරනවා. ඒවා කිසිසේත් බයවෙන්න එපා. මේ ආණ්ඩුවක් මාරුවුණ පලියට පහුවෙනිදා ඉඳන් එහෙම වෙන්නෙ නෑ. අපි ඉතාම සාමකාමී දේශපාලන පරිවර්තනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...