21න් පස්සේ තෙල්, ගෑස් හිඟයක් ඇතිවෙන්නේ නෑ, අපි සහතික වෙනවා – නලින්ද ජයතිස්ස

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි දෑ හිඟයක් ඇතිවන බවට ඇතැමුන් භීතියක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටින නමුත් එවැන්නක් සිදු නොවන බවට තමන් සහතික වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“සමහර තැන්වල භීතියක් හදමින් යනවාලු මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර ජනාධිපති වුණායින් පස්සේ රටේ යම්යම් තැන්වල තෙල්, ගෑස්, ගල් අඟුරු වගේ දේවල් හිඟයක් ඇතිවෙනවා, විදුලිය දෙන්න බැරිවෙනවා, භාණ්ඩ හා සේවාවල් දෙන්න බැරිවෙනවා වගේ දේවල් කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒවාට කිසිසේත් බයවෙන්න එපා. ඉදිරියට ඔබට අවශ්‍ය තෙල්, ගෑස් අඛණ්ඩව සපයන්න අපි සහතික වෙනවා. ඔබට අවශ්‍ය ආහාර, භාණ්ඩ හා සේවා සැපයීම අපි සහතික කරනවා. විදුලිය සැපයීම පැය 24 අඛණ්ඩව සහතික කරනවා. ඒවා කිසිසේත් බයවෙන්න එපා. මේ ආණ්ඩුවක් මාරුවුණ පලියට පහුවෙනිදා ඉඳන් එහෙම වෙන්නෙ නෑ. අපි ඉතාම සාමකාමී දේශපාලන පරිවර්තනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...