ඇගළුම් කලාවේ වොලිබෝලය හැඩ කරන BRANDIX සමූහයේ තරගාවලිය

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

ලංකාවේ ඇගළුම් කේෂ්ත්‍රය විශාල උනන්දුවකින් මේ මොහොත වන විට වොලිබෝල් ක්‍රීඩාව සමඟ බද්ධ වී සිටිනවා.ඒ් අතර සිටින බ්‍රැන්ඩෙක්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ දක්ෂයන් රැක දෙන්නට වගේම ඒම දක්ෂතාවලින් රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධීය සකස් කිරීම පිණිස ද විශාල කැපවීමකින් වැඩ කරමින් තිබෙනවා.


හැඩ වස්තර මහනවා වගේම වොලිබෝලය හැඩ කරන්නටත් මේ අය දක්වන උනන්දුව නිසා ඔවුන්ගේ නිෂ්පාදන ලෝකය පුරා පිළිගැනීමට ලක්වන අයුරෙන්ම,රටේ ගම් නියම් ගම්වල ජාතික ක්‍රීඩාවේ ප්‍රබෝධයක් තනන්නට ඔවුන් දරණ උත්සාහයෙන් මිනිස් හදවත් ඇතුළෙත් බ්‍රන්ඩෙක්ස් වටිනා නිධානයක් හැටියට තැන්පත් වෙලා තියෙනවා.ඒ වටිනාකම අලුත් කරන්නට,වෙනස් කර ධනවත් කරන්නට ඔවුන් බ්‍රැන්ඩෙක්ස් සමූහයේ කණ්ඩායම් අතර පවත්වන අන්තර් ආයතන වොලිබෝල් තරගාවලියේ දී ජයග්‍රාහකයන් වෙනුවෙන් බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලානයත් පිරිනැමීමට කටයුතු යොදා තියෙනවා.


මෙවර ඒම ඉසව්ව කොවිඩ් බලපෑමෙන් පසුව නැවත පන ගැන් වූ මොහොතේ දී බ්‍රැන්ඩෙක්ස් රසදිය පිරිමි සූරතාවය දිනා ගන්නට සමත් වුණේ BRANDIX ESSENTIAL RATHMALANA කණ්ඩායමයි.ඒහි අනු සූරතාවය මඩකළපුවට රැඟෙන යන්නට BRANDIX BATTICALOA කණ්ඩායමට හැකි වුණා.කාන්තා සූරතාවය දිනා ගන්නට සමත් වුණේ BRANDIX AVISSAWELLA කණ්ඩායමයි.අනු සූරතාවය දිනා ගත්තේ BRANDIX RAMBUKKANA කණ්ඩායමයි.


තරගකාරීත්වය සහ වැඩි දෙනෙකුගේ සහභාගීත්වය ලබා ගැනීමට මෙන්ම බ්‍රැන්ඩෙක්ස් හී වොලිබෝල් සන්නාමයේ වර්ධනය සළකමින් මෙහිදී හොඳම කුටිය සඳහා මෙන්ම හොඳම දිරි ගැන්වීමේ කණ්ඩායම ද ඇගයීමට ලක් කරන්නට බ්‍රැන්ඩෙක්ස් තීරණය කර තිබීම අගය කළ යුතුයි.ඒ් නිසා සිය ආයතනයට ආදරය කිරීමේ අදහසින්ම ඒ් ආදරය වොලිබෝලය වෙත පුද කිරීමටත් අවශ්‍යය පසුබිම ඔවුන් ඉතා අපූරුවට නිර්මාණය කරගෙන තිබුණා.


ඒහිදී හොඳම කුටිය ලෙස ඇගයීමට පාත්‍ර වීමට BRANDIX WOVEN CENTER – සමත් වුණා.හොඳම දිරි ගැන්වීමේ කණ්ඩායම බවට BRANDIX RAMBUKKANA පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...