කංසා නීතිගත කරන්න කිව්වේ අපනයනයට මිස කාටවත් පාරේ බොන්න නෙවෙයි – ඩයනා (VIDEO)

Date:

කංසා නීතිගත කිරීමට තමන් කළ යෝජනාව ඇතැමුන් විකෘති කරමින් සිටින බවත් තමන් යෝජනා කළේ කංසා අපනයනය සඳහා වගාකිරීම නීතිගත කිරීමට බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“ගංජා නීතිගත කරන්න කියන්නෙ එක එක්කෙනාට ගංජා බිබී පාරේ ඇවිදින්න නෙවෙයි. ඒක තහනම්. ගංජා බිබී ඇවිදින්න තහනම්. නමුත් මෝඩ වෙන්නෙ නැතුව මේක ගූග්ල් කරලා බලන්න, ලෝකෙ අනිත් රටවල් 51ක් කංසා වලින් ඩොලර් බිලියන ගණන් හම්බකරනවා. මේ රට ගොඩදාන්න ඕනෙ. මේ ළිං මැඩි මානසිකත්වයෙන් අයින් වෙන්න. මොකද ගංජා කියන්නෙ අපේ ඉතිහාසයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒක ඒ කාලෙ රජවරු පවා … රාවණා යුගයේ ඉඳලා එන දෙයක් මේ කංසා කියන්නෙ. මේක ඖෂධයක්. මේ ඖෂධයේ ගුණය අරගෙන, අපි හරියට මේක පාවිච්චි කරලා, මේක පිටරටවල්වලට අපනයනය කරන්න ඕනෙ. මේක බෙහෙතක්. නැතුව මේක බිබී හැමතැනම ඇවිදින්න ඕනෙ කියලා කියන කතාවක් නෙවෙයි. මේක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. තේරෙන මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා. මේක කළ යුතුයි මට ගොඩාක් සහාය දක්වන මිනිස්සු ඉන්නවා. හැබැයි ඉතිං ඔය ළිං මැඩියෝ වගේ අය තමයි කියන්නෙ ඔය ගංජා බොනවායි කියන එක. එච්චරයි ඒගොල්ලො දන්නෙ. ඉතිං පව් ඒගොල්ලො”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...