මොනරාගල රාජකීය දරුවන්ට සජිත්ගෙන් බස් එකක් තෑගි

Date:

රටක ජීවනාලිය වූ අනාගත දරු පරපුර දැනුමෙන්, කුසලතාවලින් පරිපූර්ණ කිරීම තම වගකීමක් සේ සලකා කටයුතු කරන බවත්, ඒ සඳහා ආණ්ඩු බලය නොමැති වීම බාධාවක් කර නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තට්ටු මාරු දේශපාලන ක්‍රමය වෙනුවට ආණ්ඩු බලය තිබුණද නොතිබුණද ජනතාවට සේවය කිරීමේ අලුත් සංස්කෘතියක් හඳුන්වාදීමට තමාට හැකි වූ බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය විසින් අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භ කළ සක්වල සත්කාරක වැඩසටහනේ 34 වැනි පියවර ඊයේ මොනරාගල රාජකීය විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ඊයේ දිනයේදී එම විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා නවීන බස් රථයක් පරිත්‍යාග කළ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 46 කි.

විපක්ෂ නායකයාගේ මැදිහත්වීම මත රෝහල් සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර මීට අමතරව සක්වල වැඩසටහන යටතේම පාසල් සඳහා පරිගනක පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ. සක්වල වැඩසටහන යටතේ ඊයේ ලබාදුන්නේ 34 වැනි බස් රථයයි.

රාජ්‍ය බලය නොමැතිව සිය පාක්ෂිකයන්ගේ, හිතවතුන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් මෙවැනි ව්‍යාපෘති දියත් කරන බවත්, එනිසා 225 ම එකයි යනුවෙන් ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් කරන කටයුතු දෙස බැලිය යුතු බවත් විපක්ෂ නායකයා පවසනවා.

අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා පවා මුදල් වෙන් කිරීමට නොහැකි වුවද දිනෙන් දිනම ඉහළ යන ඇමති මණ්ඩලය නඩත්තු කිරීමට නම් ඇතිතරම් මුදල් වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...