වංචාකරුවන්ට අහුවෙන්න එපා – විදෙස් රැකියා අපේක්ෂිතයන්ට පණිවුඩයක් !

Date:

රටතුළ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් රැකියා සඳහා විදෙස්ගත වන පිරිස වැඩිවීමත් සමග විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් සිදු කරන වංචා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විශේෂයෙන් පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් වංචා සිදුවන බවට වාර්තා වන බව එම කාර්යාංශය පෙන්වා දෙනවා.

සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් සිදුකරන මෙවැනි වංචා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දිනෙන් දිනම ඉහළ යන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාව වෙත දැනුම් දෙයි.

විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් කිසියම් ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදෙන්නේ නම් ඊට පෙර අදාල ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්ද යන්න පිළිබඳව සොයා බලන ලෙසත්, තැරැව්කරුවන් හරහා විදේශ රැකියා ලබා ගැනීමේදී වඩාත් පරෙස්සම් වන ලෙසත් එම කාර්යාංශය දැනුවත් කරනවා.

www.slbfe.lk වෙබ් අඩවිය ඔස්සේ සහ 1989 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ඔස්සේ රැකියා නියෝජිතායතනවල නීත්‍යනුකූළභාවය සම්බන්ධයෙන් තොරතුරු දැනගත හැකිය.

විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව, විශේෂ විමර්ශන අංශයේ 0112864241 දුරකතන අංකය අමතා ලබාදිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාව වෙත දැනුම් දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...