වාස් ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා ගුණවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී ඉන්දික පුෂ්පකුමාර යන අය අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2009 වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුණ රාමනායක නම් සිසුවා පැහැරගෙන ගොස් පහරදී වධහිංසාවට ලක්කිරීම සම්බන්ධ නඩුව පෙරේදා (16) කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව ඇප මත නිදහස් කර සිටි ඉහත විත්තිකරුවන් දෙදෙනාව එදින අධිකරණය හමුවට කැඳවා තිබුණත් ඔවුන් එහි පෙනී නොසිටි බැවින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...