මෙරට අධිකරණ පද්ධතියට කෘත්‍රිම බුද්ධිය (AI) හඳුන්වා දීමට චීන රජයේ සහාය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :

කෘත්‍රිම බුද්ධිය (AI) හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට සහාය වීමට චීන රජය සැලසුම් කර ඇත.

මේ පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) අතර සාකච්ඡාවක් පැවැත්විණි.

දූෂණය අවම කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර, ‘ඊ-අධිකරණ’ (e-Court) ව්‍යාපෘතිය, අධිකරණ පද්ධතියට ‘හඬ-අකුරු බවට පරිවර්තනය කිරීමේ’ (voice-to-text) තාක්ෂණය හඳුන්වා දීම, අධිකරණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ පියවර සහ නඩු කටයුතු සඳහා අදාළ සාක්ෂි භාණ්ඩ (exhibits) බැහැර කිරීමේ ක්‍රියා පටිපාටි ඇතුළු අධිකරණ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

චීනයේ අධිකරණ පද්ධතිය තුළ ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...