*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

අපිට වැරදුණේ අපේකම නිසා ….

සුදු පාලකයෝ අපිව යටත් කරගන්ට කලින් එදා අපි ජීවත් උනේ කැලේ හේනක් කුඹුරක් කොටාගෙන පිදුරු, පොල් අතු මානා හෙවිල්ලපු පැල්කොටේකට වෙලා අතිෂය දුෂ්කර සරළ විදියකට. එදා මිනිස්සු උපන්ගෙයි කුපෝෂනය නිසා, වසංගත වලට ගොදුරුවෙලා, සර්පයෝ කාලා ගොඩදෙනෙක් අකාලයේම මියදුනා..එදා මිනිස්සු මේ උවදුරු අර්තගන්වා ගත්තේ යක්ෂ, බූත දෝෂ, ගිරහ අපල විදියට….එදා අපේ මිනිස්සු අධ්‍යාපනයක් ගැන රටේ ලෝකේ විස්තරයක් ගැන දැනගෙන හිටියේ නැති තරම්. ගොඩක් දෙනෙක් මැරෙනකම්ම ගම් තුලානෙන් එළියටවත් ගිහින් තිබුනේ නෑ….

එවකට තිබුන නොදියුණු රාජාන්ඩු පාලනය තුල සාමාන්‍ය ජනයාට බල පැවැත්වුනු ශිෂ්ඨ නීතියක් තිබ්බේ නෑ..මිනිස්සුන්ගේ අතපය කපා දාපු, අත දරුවන් වංගෙඩිවල ඔබලා කොටපු, අපායේ වගේ දෙතිස් වද බන්දන කෘරත්ව්‍යක් සහිත ලොමු දැහැගැන්වෙන අශිෂ්ඨ අධිකරණය ක්‍රමවේදයක් තමා එදා අපට තිබුනෙ..

ඇටෙන් පොත්තෙන් එලියට ආපු දවසේ ඉඳලම කැලේට හේනට, ප්‍රබූන්ගේ වහල්කමට සින්නවෙලා හිටපු අපේ මිනිස්සුන්ට බලෙන්වගේ පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නේ සුද්දගෙන්.. රදලයන්ගේ දෝලාවල් කරගහගෙන ගිය කැලේ අඩ්පාරවල් වෙනුවට රටේ පොදු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මහපාරවල් හැදෙන්ට පටන් ගත්තෙ ඊට පස්සෙ….

නමුත් පිටතින් අළුත් දෙයක් ආපු හැම විටෙකම අපි සටන් කලා අපේ එක, අපේ කම බේරගන්ට ..පිටතින් එන නිදහස් දේට එරෙහිව අපි අපේ වහල්කම බේරගන්ට අපි සටන්කලා..

කැප්පෙටිපොළලාගේ, ගොංගාලේගොඩබන්ඩලගේ වෙල්ලස්සේ කැරැල්ල, මාතලේ කැරැල්ල මේ ඔක්කොම කැරළි ගැහුවේ අපේ එක බේරගන්ට ..

එදා බැරිවෙලාවත් කැප්පෙටිපොළලා එදා දිනුවානම් කැප්පෙටිපොලව දිනවපු එයාගේ යටත් හේවායන්ට වෙන්නේ කැප්පෙටිපොළව දෝලාවේ තියල කර උඩින් අරන්ගිහින් සිංහාසනේ තියලා ආපහු ඔවුන්ගේ ස්වකීය යටත්වැසි වහල්කම බේරගන්ට තමා…

අපේකම කියන සබ්‍යත්වය සංකෘතිය ඇතුලේ අපි පරෙස්සම් කරගෙන හිටියේ කසාදබඳින දවසේ ගෑණුන්ගේ සුදු රෙද්දෙ නෑඹුල් කම හොයන එකයි,ඉඳුල්වෙලා නම් දීගේ කඩලා ගෑනිට නින්දා කරලා පන්නලා දාන එකයි, මගුළට අවමගුලට හැම මගුලටම ගෝත්‍රේ හොයපු එකයි හැර වෙන මොනවද…තව කුළ හීන කෙල්ලෝ ගෙට උන ගමන් රදලයන්ගේ හිරි ඇරගන්ට වලව්වල පිටිපස්සෙන් ඇතුලට යවපු වාරිත්‍රත් තිබුනා.. තව තිබුනා මැසි මදුරුවන් ගෙන් බේරෙන්ටවත් උඩුකයට වස්ත්‍රයක් පටලගන්ට බැරි තුච්ච වහල් නීති….

ඇත්තටම අපට එදා තිබුනේ අතීතය ඇතුලෙම දියකරලා දාලා අමතකකරලා එන්ට ඕන අතීතයක් මිසක් උජාරුවෙන් සදාකාලිකවම කරගහගෙන යන්ට ඕන අතීතයක් නෙමේ..

නමුත් අපිට ඒ ආචීර්නකල්පික අතීත පෙකනි වැලෙන් ගැටගැහුන අපේකමෙන් ගැලවිලා අලුත ලෝකයට ප්‍රවිශ්ඨ වෙන්ට බැරි උනා..එදත් බැරි උනා…අදත් බෑ..හෙටත් බෑ…

පසු කාලීනව ජාතික ආර්ථිකය, සංවෘත ආර්ථිකය වැනි අදහස් වල මැරීගෙන එල්ලිලා ඉන්නෙත් මේ කියන අපේකම නිසා..පිටතින් එන විවෘතබාවයට තියෙන බය නිසා…

අද අපි අපේ කොල්ලො කෙල්ලො ස්මාට් ෆෝන් ඔබනවටත් බයයි අපේ කම නැතිකර ගනී කියලා..කෙල්ලො ඩෙනිම් අඳිනවට,කොටට අඳිනවටත් බයයි..අපේකම නැතිවෙයි කියලා..

ඇත්තෙන්ම ගත්තොත් පනස් ගනන්වල මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයේත්, අසූ තුනේදී දෙමළ කඩ ගිනි තිබ්බෙත් අර කියපු අපේකම බේරගන්ටම තමා…

කරන්ට දෙයක් නෑ..අපිට විතරක් නෙමේ ලෝකේ කොහේ උනත් ආදීවාසී ගෝත්‍රවල ආශාව තමන්ගේ කම බදාගෙන වැලලිලා වඳවෙලා යන එක තමා..ඒක ඒ අයගේ උරුමය.. පිටින් එන ඕනම දෙයක් ඔබලා බලන්නේ නැතිවම ප්‍රතිකේෂ්ප කරන එක ගෝත්‍රික ගතිකයක්……….

පසු සටහනක් –

යමෙක් විසින් මේකට දාපු කොමෙන්ට් එකක තිබුනා ලංකාව අසාර්ථක රාජ්‍යයක් වෙන්ට හේතුව ධනවාදය ආක්‍රමනයක් විදියට මේකට ආපු නිසා කියලා..කොහොමත් ධනවාදය බූගෝලීය ආක්‍රමණයක් විදියට තමා ලෝකය වටා ව්‍යාප්ත වෙන්නේ..ඒ හැර ලෝකේ කොහෙවත් ධනවාදය වෙන වෙනම විකාශනය වෙන්නේ නෑ..මෙතනදි අපි කරන්ට ඕන ගෝළීය ධනවාදයේ අපේ තැන මොකක්ද කියලා හොයාගන්න එක…

අනිත් එක කිසිදා සමාජ සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරියට විකාශනය නොවූ මහද්වීපත් ලෝකේ තියෙනව..සුද්දා අප්‍රිකාවට යන කොට අප්‍රිකාවේ වසර දසදහස්ගානක් තිස්සෙ එකතැන ගල්වෙලා තිබුනේ ශිෂ්ඨාචාරයේ පලමු පාදම වූ ඝන ගෝත්‍ර සමාජයකි..ආසියාවත් මීට බොහෝවිට සමානයි..

ඇතැම්විට බටහිරයන් ආසියාවට නාවේ නම් දැනුදු මෙහි රාජාන්ඩු තිබීමට ඉඩ තිබින..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan