*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සක්විති රජකම දෙනවා කිව්වක් ජනවරමකින් තොරව තනතුරු බාර ගන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

ප්‍රතිපත්ති කඩකර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනිමට තමා සුදානම් නොමැති බවත් පොහොට්ටුවේ 134කගෙ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාසකු ප්‍රහාරයේ සත්‍ය පවා සගවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාරතා⁣වේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සගවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙසේ ඇත්ත සැගවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත්වන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ සක්විති රජකම ලබා දෙන බව පැවසුවත් ජන වරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලයක් ලබා ගැනිමට තමා සූදානම් නැති බවයි.

එසේම ආගමික ස්ථාන තුළින් නිකුත් කරන දහම් පණිවිඩය මත ඒකීය ශ්‍රී ලංකාව රැකි ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන නමුත් පසුගිය කාලයේ වද සැත්කම් වද කොත්තු කියා පාස්කු ප්‍රහාරයන් පසු රටේ ජාති ආගම් අතර බෙදිමක් ඇති කල බවත් මේ නිසා අරගලයට පෙර සංහිදියාව යනු පරුෂ වචනයක් බවත් දේශාභිමානයේ නාමයෙන් එයට පහර පිට පහර එල්ල කළත් රට වහල්භාවයෙන් තබා රටේ සම්පත් සොරා කමින් සිටි පවුල සහ ජනාධිපති එලවීමට ජනතාව එකාමෙන් පාරට බැස සිදු කළ අරගලයෙන් පසු සංහිදියාව යන වචනය වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේ දී පසුගියදා පැවැති අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ පුද්ගලයන් සමග ඩීල් ගැසුවා නම් මේ වන විට තමා රටේ ජනාධිපති නමුත් රට විනාශ කල පොහොට්ටුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බවත් යම් හෙයකින් ඩීල් එකක් දමන්නේ දේශපාලන පක්ෂ සමග නොව ලක්ෂ 220ක් ජනතාව සමග පමණක් බවත් ය.

තවද එක පවුලක් තනි අයිතියකට බලාධිකාරයකට උරුම කම් කියමින් තනි පාලනයක් ගෙන ගිය රටේ පක්ෂයක් තුළ තර්ක විතර්ක සිදු වන විට පක්ෂ ඇතුලේ ඝට්ටන සිදු වන බවට ප්‍රචාර ගියත් එය ඝට්ටන නොවන බවත් ක්‍රමයේ වෙනසක් ඉල්ලන රටේ එම තර්ක විතර්ක යනු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතක ආරම්භයක් බවත් නායකයා වුනත් වැරැද්දක් කරනවා නම් එය පෙන්වා කතා කිරීමේ නිදහස යනු සම්පාදනුකුල වහල් දේශපාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඇතුලු වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තර්ක විතර්ක ඉදිරිපත් වීම තුළ අවසානයේ හොද ප්‍රතිඵලයක් නිර්මාණය වන බවත් එය වහල් බාවයෙන් පවුල් දේශපාලනයෙන් හා ආගමත් විකුනන් කන පවුල් වාදී දේශපාලනයෙන් බැහැර වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කතා කිරීමේ නිදහස විරුද්ධ වීම නිදහස ඇති මැද මාවත සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යාම සමගි ජන බලවේගයේ අරමුණ බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

බුදුරජානන් වහන්සේ පවා දූෂණය වංචාව ප්‍රතික්ෂේප කළ නමුත් රටෙි ජනතාව වහලුන් බවට සිහින මවන මහා පවුල් දේශාභිමානයෙන් බුද්ධාගමත් පෙරටු කර ගෙන ජනතාව රවටමිනි රට බේර ගන්නා නාමයෙන් පෙරට පැමිණ අවසානයේ රටේසම්පත් හා මුදල් හොරකම් කරමින් ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan