බ්‍රසීලයේ ගුවන් අනතුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය දෙදෙනෙකුට ත ජීවිත ගමනට අවාසනාවන්ත ලෙස සමු දීමට  සිදුවූ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ .

ඒ බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 14 දෙනෙකු මිය ගිය ශෝචනීය පුවතයි. මේ වනවිට එම ගුවන් යානා අනතුරට අදාල සිද්ධියට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ අයහපත් කාලගුණයක් පැවති බව සඳහන් වන අතර , Amazonas ප්‍රාන්ත ආරක්ෂක ලේකම් Vinicius Almeida පැවසුවේ, අධික වර්ෂාව අතරතුර බාසිලෝස් වෙත ගොඩ බැසීමේදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...