මොන ආණ්ඩුව ආවත් සිස්ටම් එකකට රට දුවන ක්‍රමවේදය අපි ස්ථාපිත කරලා දෙන්නම් – නාමල් රාජපක්ෂ

සටහන – රුවන් නෙළුගොල්ල

මේ පැමිණ ඇත්තේ දේශපාලන වේදිකාවේ හොඳම විකටයා, හොඳම කථිකයා හෝ හොඳම කයිවාරුකාරයා තේරීමේ මැතිවරණයක් නොවන බවත් කවුරුන් බලයට පැමිණියත් වෙනස් නොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් රටේ පිහිටුවීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරාකෑවා කියලා, අපි අභියෝග කරනවා, ලෝකෙ ඕනෑම අධිකරණයකට යන්න, අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එකත් අපි ඒ අයට කියනවා. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණ දෙන්න අපි බයයිද කියලා මේ අරගලෙන් පස්සෙ. නෑ, මොකද අපේ අතේ ලේ නැහැ. ජනතාව ඉදිරියට ඇවිල්ලා අපට ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපට ආත්ම ශක්තියක් තියෙනවා. අපි සිස්ටම් එක හදලා දෙන්නම් මොන ආණ්ඩුව ආවත් කවුරු පාලනය කළත් සිස්ටම් එකකට රට දුවන ක්‍රමවේදය අපි ස්ථාපනය කරලා දෙනවා කියලා අපි පොරොන්දු වෙනවා. දේශපාලන වේදිකාවේ හොඳම කථිකයා, හොඳම විකටයා, හොඳම කයිවාරුකාරයා කවුද කියලා තෝරන මැතිවරණයක් නෙවෙයි මේක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩ දීලා නෑ අපි. අපි කියන්නේ කරන්න පුළුවන් දේවල්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...