වෙන අයට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කරගන්න එපා – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

” 21 වැනිදා ඔබේ අනාගතය මේ අයට දෙනවාද? බන්දේසියේ දාලා දීලා ඔබේ අනාගතය නැති කරගන්නවාද? සමහරු කියනවා මාලිමාවට චාන්ස් එකක් දෙමු කියලා. මං අහන්නේ ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද? අනුරට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කරගන්න එපා. අපි ඉදිරියට යමු, ඒ වරමයි මං ඉල්ලන්නේ. අන්න ඒකයි 21 වැනිදා කරන්න තියෙන්නේ. අපි දිනනවා…අපි දිනනවා…සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න.” ජනපති රනිල්

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

 ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

"2022 රට මහ අවුලකට පත්වුණා. ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ, ඩීසල් පෝලිමේ හිටියා. පොහොර තිබුණේ නැහැ, ආහාර තිබුණේ නැහැ. සම්පූර්ණ ආර්ථිකය කඩා වැටුණා, ඒ වෙලාවේ දේශපාලනයත් කඩා වැටුණා. අගමැතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්වුණා. කවුරුවත් ආණ්ඩුව භාරගන්න හිටියේ නැහැ. විපක්ෂ නායකතුමා දිව්වා. හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ කිව්වා අපි මේක භාරගන්නේ නැහැ කියලා. අනුර දිසානායකව හොයාගන්නත් බැරිවුණා. ඒ අයට තේරුණේ නැද්ද ඔබේ වේදනාව, පෝලිම්වල හිටපු එක, ඒ වෙලාවේ දුවලා ගියා.  

මං මේක භාර අරගෙන, මේ සියල්ලම විසඳුවාට පස්සේ දැන් ඇවිල්ලා කියනවා මටත් දැන් චාන්ස් එකක් දෙන්න කියලා. 21 වැනිදා ඔබේ අනාගතය මේ අයට දෙනවාද? බන්දේසියේ දාලා දීලා ඔබේ අනාගතය නැති කරගන්නවාද? සමහරු කියනවා මාලිමාවට චාන්ස් එකක් දෙමු කියලා. මං අහන්නේ ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද? අනුරට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කරගන්න එපා. අපි ඉදිරියට යමු, ඒ වරමයි මං ඉල්ලන්නේ. අන්න ඒකයි 21 වැනිදා කරන්න තියෙන්නේ. අපි දිනනවා...අපි දිනනවා...සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න."

“රනිල්ට පුළුවන්” ජන රැලියට මිනුවන්ගොඩදී අද (18) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෙට් යානය කඩා වැටීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඉන්දියාවෙන් වෛද්‍ය කණ්ඩායමක්!

රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): : ඩකා අගනුවර...

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා රිමාන්ඩ්

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථයක සිද්ධියක්...

එංගලන්තයේ ඉඳලා ස්පාඤ්ඤට දිවෙන නෙත ගැටුණු තැන් කීපයක්!

සටහන – පුලී ජූලි 24, කොළඹ (LNW): ලොව පුරා සිටින කලාකරුවන්...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා ඇප මත නිදහස් !

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථයක් සන්තකයේ...