එක මෙණ්ඩිස් කෙනෙක් සීයයි – අනෙක් මෙණ්ඩිස් පනහයි – කමිඳුත් බ්‍රැන්ඩ්මන් හා සම වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 18, (LNW) කොළඹ :

නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබා ගෙන සිටිනවා.ශ්‍රී ලංකා ඉණිමට මහත් ශක්තියක් වෙමින් කමිඳු මෙණ්ඩිස් ලකුණු 112 ක් රැස් කරන්නට සමත් වුණා.කුසල් මෙණ්ඩිස්ගේ දායකත්වය ලකුණු 50 ක් විය.


අතේ ආබාධයකට ද මුහුණ දෙමින් නැවත පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවිස් හයවන කඩුල්ලට කමිඳු සමඟ ලකුණු 72 ක සබඳතාවයක් පවත්වන්නට දායක විය.ඔහු අනතුරට ලක් වන විට චනිද්මාල් සමඟ තෙවන කඩුල්ලට ලකුණු 36 ක සබඳතාවයක් පවත්වන්නට ද දායක වී තිබිණ.


කමිඳු හැරෙන විට ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත් සාර්ථක පිතිකරුවා බවට පත් වූයේ මෙම තරගයේ දී අංක 7 පිතිකරුවා ලෙස යොදා ගත් කුසල් මෙණ්ඩිස් ය.ඔහු හත්වන කඩුල්ලට ලකුණු 103 ක් එක් කළ අතර කුසල්ගේ නම ඉදිරියේ ලකුණු 50 ක් සටහන් වී තිබිණ.කුසල් ගේ දැවීයාම අවාසනාවන්ත දැවී යාමක් විණි.ඔහු එල්ල කළ පහරක් ටොම් ලේතම්ගේ සිරුරේ දවටී ඉවතට යද්දී ෂෝට් මිඩ් විකට් හී පන්දු රකිමින් සිටි ටිම් සවුති විසින් රැක ගත්තේය.
මේ දායකත්වයන් නිසා දිනය නිමා වන විට කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දෙන්නට ගත් තීරණය යම් තරමකට මල්පල ගන්වා ගෙන තිබිණ.ප්‍රබල බලපෑමක් දඟ පන්දුවෙන් කළ හැකි මට්ටමේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සතුට දනවන අයුරෙන් පළමු දිනයේම ඇතැම් දැඩි දඟ කැවීම් පිටියේ දකින්නට ලැබීම නවසීලන්ත ඉණිමට පහසු නොවනු ඇත.


එසේම ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ලකුණු 112 ක් එක් කළ කමිදු මෙණ්ඩිස්,ශ්‍රීමත් ඩොනල්ඩ් සතුව පැවති වාර්තාවක් සම කරන්නට සමත් විය.ශ්‍රීමත් බ්‍රැඩ්මන් සිය 11 වන ඉණිමේ දී සිය ටෙස්ට් දිවියේ දී වාර්තා කළ සිව්වන ශතකය වාර්තා කර තිබුණු අතර,අද කමිඳු මෙණ්ඩිස් ද සිය 11 වන ඉණිමේ දී ශතකයක් වාර්තා කරමින් සිය ටෙස්ට් දිවියේ සිව්වන ශතකය වාර්තා කරන්නට සමත් විය.එහි යම් වෙනසක් වේ නම් ශ්‍රීමත් බ්‍රැඩ්මන් සිය 11 වන ඉණිමට මුහුණ දුන්නේ තමන් සහභාගි වූ 6 වන තරගයේ දී ය.කමිදුට එම අවස්ථා හිමි වන්නේ තමන්ගේ හත්වන ටෙස්ට් තරගයේ දී ය.


මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ශතක හතරක් ලබා ගෙන තිබුණේ මයිකල් වැන්ඩොර්ට් ය.ඔහු තමන් සහභාගි වූ 13 වන ටෙස්ට් තරගයේ දී සහ 21 වන ඉණිමේ දී සිය සිව්වන ශතකය වාර්තා කරන්නට සමත් විය.එසේම තමන් සහභාගි වූ මුල් ටෙස්ට් තරග හතේදීම අර්ධ ශතකයක් වාර්තා කරන්නට සමත් වූ කමිඳු,මීට පෙර එවැනි දස්කමක් කර තිබුණු පකිස්තානයේ පාකිස්තානයේ සවුද් ශකීල් මෙම විශිෂ්ට දස්කම දක්වා තිබිණි.
තරගයේ ලකුණු විස්තරයට →→ https://es.pn/3XnPZ2c

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...