මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පැවති ප්‍රබල ආයතන කිහිපයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව,
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව
යන ආයතන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර ඇත.
කෙසේවෙතත් මේ වනතෙක් ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයකු පත්කර නොමැති නිසා මෙම ආයතන තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේම පවතී.
RN