අද මිනිස්සු බත් හට්ටිය උස්සන, පාන් ගෙඩිය උදුරාගෙන යන තැනට පත්වෙලා – හඳුන්නෙත්ති

Date:

මේ වනවිට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔවුන් නිවෙස්වල ඇති බත් හට්ටි පවා කොල්ලකන තත්වයට පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“යුද්ධය තිබුණ කාලෙදීවත් නැති තරමට අද මේ උතුරේ සහ නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම් වැඩිවෙලා තිබෙනවා. ලෝක ආහාර සංවිධානය කියලා තියෙනවා ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 63ක් අද ඉන්නේ බඩගින්නේ කියන එක. මට ඊයේ කිලිනොච්චියේදී හම්බවුණා මාස නවයක දරුවෙක් එයාගෙ අම්මාත් එක්ක අධිමන්දපෝෂණ තත්වයෙන් ඉන්නවා. හැබැයි සහනාධාරයක් දෙන්නෙ නෑ. අඩු ගාණෙ ආණ්ඩුවෙන් හම්බවෙන රුපියල් 5000 වත් ලැබෙන්නෙ නෑ.

අද බත් හට්ටිය උස්සාගෙන යන තත්වයට පත්වෙලා තියෙනවා. පාන් ගෙඩිය උදුරාගෙන යන තත්වයට පත්වෙලා තියෙනවා. කඩවල් කඩන්න පටන් අරන් තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවුණාම, දරුවන්ට කන්න ටික දෙන්න බැරිවුණාම, මිනිස්සු මංකොල්ලකන තැනට පත්කරලා තියෙනවා මේ පාලකයෝ විසින්”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...