රුසියාවෙන් ණයට තෙල් ගන්න සාකච්ඡා – බන්දුල රුසියානු මාධ්‍යයට කියයි

Date:

රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සිදුකළ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ දිගුකාලීන ණය පදනම මත ඉන්ධන ලබාදෙන ලෙස තම රජය රුසියානු බළධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි.

අදාල සාකච්ඡා ඵලදායී ලෙස සිදුවන බවත්, අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට රුසියාව සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා පවසා තිබේ.

යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියානු ඉන්ධන සඳහා තිබූ ඉල්ලුම එකවර පහත බැස ඇති හෙයින් අඩු මිලට රුසියාවෙන් ඉන්ධන ආනයනය කළහැකි බව දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ණය පහසුකම් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රුසියාවෙන් ඉල්ලා තිබිණි.

මෙරට අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ස්පුට්නික් පුවත් සේවය සමග පවසා තිබෙන්නේ මේ වනවිට රට සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි. රට දේශපාලන වශයෙන් ස්ථාවර වී ඇති බවත්, සියලු විරෝධතා පාලනය කර ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ සංචාරකයන් සඳහා සියයට සියයක් ආරක්ෂිත ගමනාන්තයක් බවට යළිත් ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

රුසියානු ඒරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්වය පිළිබඳව රුසියාවෙන් සමාව අයදින බවද ඇමතිවරයා පවසා තිබෙනවා. එය විශාල අත්වැරැද්දක් බවත්, එවැනි අත්වැරැද්දක් යළිත් සිදුවීමට ඉඩ නොතබන බවත් ඇමතිවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...