සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ කොටසක් ලෙස විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ගැඹුරින් කරුණු සාකච්ඡා කොට අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා සමගි ජන බලවේගය පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය හමුවී සාකච්ඡා කර තිබේ.
පක්ෂ නායක හා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ සාමාජිකයින් වන කබීර් හෂීම් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ද සමඟින් මෙම සාකච්ඡා සැසිය කැඳවන ලදී. ලංකා වාණිජ මණ්ඩලයේ විධායක මණ්ඩලය මෙන්ම එහි ආංශික ප්‍රධානීන්ද ඉදිරි වර්ෂයන් සඳහා පවත්නා ප්‍රධාන ප්‍රතිපත්තිමය අවශ්‍යතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් සමඟින් විවෘත හා නිර්ව්‍යාජ සාකච්ඡාවකට සහභාගී විය.
ප්‍රතිපත්ති විෂයයෙහි අඛණ්ඩතාවයක් හා අනුකූලතාවයක්ද පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ආංශික ප්‍රධානීන් විසින් යෝජනා ගණනාවක් ලුහුඬින් ගෙනහැර දක්වන ලදී. සෑම ආංශික ප්‍රධානියකු වෙතින්ම නිර්දේශද සහිත කරුණු ඉදිරිපත් කිරීම් හා යෝජනාද ඉදිරිපත් වූ අතර, එ්වා අනාගත ප්‍රතිපත්තීන්හි කොටසක් ලෙස සලකා බැලිය හැකිවනු ඇත.
විපක්ෂ නායකවරයකු වාණිජ මණ්ඩලය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරිණි. වඩාත් ගැඹුරින් කරුණු සලකා බැලීම උදෙසා වූ සැසි සංවිධානය කරනු පිණිස නුදුරු අනාගතයේ දී ආංශික ප්‍රධානීන් සමඟ තවදුරටත් සම්බන්ධතා පැවැත්වෙනු ඇත.
සමගි ජන බලවේගය විසින් සමානාත්මතාවය පෙරදැරි කර ගත් තිරසර වෘද්ධියක් උදෙසා ව්‍යාපාර අංශයේ වැදගත්කම පිළිගනු ලබන අතර අනාගත සමගි ජන බලවේග රජයක් තුළ සමාජයේ සෑම තරාතිරමකම සිටින විවිධ පාර්ශ්වකරුවන් වෙතින් ලබා ගත් දත්ත සහ සාක්ෂි මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් එම පක්ෂය පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය යනු එවන් එක් තීරණාත්මක අංශයක් වන අතර, මෙම ක්‍රියාවලිය තුළ එම මණ්ඩලය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සමගි ජන බලවේගය විසින් අගය කරනු ලබන බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
RN
