තවත් කමිටු පත්කිරීමේ තේරුම කුමක්ද ? මේවා ඇස්බැන්දුම් – කාදිනල් හිමි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හෙළි කළ කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා තවත් කමිටුවක් පත්කිරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා, මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ.

ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම්. නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125 වැනි ජුබිලි සමරුව වෙනුවෙන් පැවති දිව්‍ය පූජාවට ඊයේ (17) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...