*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

එස්.බී. ගේ කීවෙනි උපන් දිනයද ? අපි දන්නවා. කියන්නෑ !

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ උපන් දිනය අදයි. ලංකාවේ දේශපාලනය ගැන කතා කරනකොට එස්.බී. ගැන කතා නොකරම බෑ. ඉතින් මේ කෙටි සටහන ඒ වෙනුවෙන්.

අපි ඔය හෙඩිම තෝරගත්තේ මීට මාස කිහිපයකට කලින් හිරු ටීවී නාලිකාවේ සලකුණ වැඩසටහනට ඇවිත් ඉන්න වෙලාවේ එස්.බී. කියපු කතාවකින්. සලකුණ කියන්නේම තොරතෝංචියක් නැතුව කියවන චමුදිත සමරවික්‍රමයි, එයාටම හරියන තව නිවේදකයෝ කීපදෙනෙකුයි එකතුවෙලා තමන්ම ආරාධනා කරලා ගෙන්වා ගන්න ආරාධිතයාට කතා කරන්න ඉඩක් නොදී තමන්ට ඕනෑ දේවල් කැටියක් හැචපච ගගා කියවන ආකෘතියක් තියෙන වැඩසටහනක්. ඒ වගේ වෙලාවක එස්.බී. කියනවා “ඒක මගෙන් නෙවෙයි එයාගෙන් අහගන්න” “මම කියන්නෑ, මම කියන්නෙම නෑ” “මම වගකීමෙන් කියන්නෙ, මම දන්නෑ” වගේ කතා ටිකක්. ඒ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න වයිරල් වෙනවා. ඇත්තටමත් චමුදිතලා වගේ අයට උත්තර දෙන්න තියෙන එකම ක්‍රමයත් ඕක තමයි. එහෙම බැලුවාම එස්.බී. තමයි සලකුණට ගිහින් හොඳටම කරලා තියෙන්නෙ …

එස්.බී. කියන්නෙ ආණ්ඩු ගාණක් හදපු, ඒ වගේම ආණ්ඩු ගාණක් කඩපු චරිතයක්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය පටන් අරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෝලනය වෙවී හිටපු, ඉන්න චරිතයක්. එස්.බී. ට තියෙන්නෙ අන්තිම නරක කටක්. ඔය කට නිසාම වතාවක් උසාවියට අපහාස කිරීමේ වරදට හිරේ යන්නත් එස්.බී. ට සිද්ධ වුණා. හිරේ ගිහින් ඇවිල්ලාත් එස්.බී. ආපහු පරණ විදියටම දේශපාලනය කළා.

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිශ්චිත කාලසීමාවකින් අවසන් කරන්න හදපු ජනසවිය වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද මැෂිමක් බවට පත්කරලා සමෘද්ධි ව්‍යාපාරය හදලා දුන්නේ එස්.බී. ඒ කාලේ එස්.බී. ට කිව්වෙත් ඡන්ද මැෂිම කියලා. කොහොම හරි කාලයක් යද්දී ඡන්ද මැෂිම මලකඩ කෑවා. හැබැයි දිළිඳුකම එහෙම්ම තියෙනවා. ඒත් සෑහෙන පිරිසකට ඕකෙනුත් රජයේ රැකියා ලැබුණා.

ක්‍රීඩා ක්ෂේත්‍රයේත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් එස්.බී. යම් යම් වෙනස්කම් කරන්න උත්සාහ කළා. ඔහුගේ තියෙන මුරණ්ඩු ගතිය හින්දාම ඒ සමහර දේවල් යම්තාක් දුරකට ඉදිරියට ගෙනියන්නත් ඔහුට හැකිවුණා. සමහර ප්‍රශ්න මතුවෙද්දී අදටත් “ඕකට හරියන්නේ එස්.බී. තමයි” කියලා සමහරු කියන්නේත් ඒකයි.

එස්.බී. දිසානායක සහ ඔහුගේ පවුලේ අනෙකුත් අය දේශපාලනය කරපු හැටි ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ඒ තියෙද්දීත් හඟුරන්කෙත ජනතාවගෙන් කොටසක් අදටත් ඔවුන් වෙනුවෙන් ඉන්නවා. එස්.බී. ට තියෙන්නෙ නරක කටක් බව ඇත්ත, ඒත් රාජ්‍ය නායකයින් පවා සමහර දේවල් ඔහුගේ කටින් එළියට පනින්නෙ නෑ කියලා විශ්වාස කරනවා. මොන තරම් මැති ඇමති සභාවක වුණත්, මොන තරම් මිල අධික බ්‍රෑන්ඩ් එක්කින් වුණත් එස්.බී. අඩියක් ගහන්නෙ රතුළූණුයි, අමු මිරිසුයි, උම්බලකඩයි බයිට් එකට අරන්. වයස අවුරුදු 71ක් වෙලාත් අදටත් එස්.බී. තමන් පෙනී ඉන්න මතයක් වෙනුවෙන් දෙනෝදාහක් බලාන හිටියත් තනියෙන් හරි ගේම ඉල්ලනවා. ලංකාවේ දේශපාලන සංස්කෘතිය එක්ක ගත්තාම මේවා මගහැරලා යන්න බෑ. ඒකයි අපි මුලදීම කිව්වේ ලංකාවේ දේශපාලන ගැන කතා කරනකොට එස්.බී. ගැන කතා නොකර බෑ කියලා. සුදු – කළු කියලා චරිත බෙදන්න පුළුවන්කමක් නෑනෙ. ඉතින් එස්.බී. කියන්නෙත් අඩු වැඩි වශයෙන් අපිම තමයි. අපි කිව්වේ ඡන්ද දායකයොම තමයි ….

ඉතින් එස්.බී. ඔබට සුබ උපන් දිනයක් අපි නොකියා ඉන්නෙ නෑ. අපි කියනවා … !

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan