*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ගස්බෙන වලින් එළියට එන කුමාරවරු ! – විමුක්තිගේ ‘අහසින් වැටෙයි’ කියවාගැනීම…

විමුක්ති ජයසුන්දර 2009 කරපු ”අහසින් වැටෙයි” අද බැලුව. අද කියන්නේ කරපු දවසේ ඉඳල ගත්තොත් දශකයකට වඩා පසුපසින් ඉඳල තමයි මේ චිත්‍රපටය මම දකින්නේ. ඒ නිසා මේ සටහන පරක්කු එකක්. ෆිල්ම් එක සිනමාශාලාවලට නිකුත් කරන්න තිබ්බේ 2012. ඒ දවසේ ඉඳල ගත්තත් අද දවසට දශකයකට වැඩී. හැබැයි ෆිල්ම් එක බලන්න මම පරක්කුවීම ගැන සතපහක පසුතැවීමක් නැහැ.

මොකද තවත් දශකයක් ගිහිල්ලත් විමුක්ති කියන්න හදන දේ එදාටත් වඩා විශාලනය කරලා අද මට බලන්න පුළුවන් නිසා. 2010 කොටි එහෙම මරල, කාපට් දාල ඒ මතකය මකල, ඒ මතකය උඩ නෙලුම් කුළුණ හදල, ගෝල්ෆේස් ගිහිල්ල, අලුත් මාස්ටර් කෙනෙක් ගෙනැල්ල ඉවරවෙලා එහෙම දැන් බලද්දිත් විමුක්ති කියන්න හදන පණිවිඩේ මට තේරෙන හැටියට එහෙමම පවතිනවා.

ෆිල්ම් එක පටන්ගන්නෙම ”ජබෝස්” ගාල එකෙක් මහ මුහුදට පතබෑවෙන එකත් එක්ක. ඊට පස්සේ ඌ හෙමීට දණගාගෙන ගොඩබිමට සැපත්වෙනවා. ධාන්‍ය ධනය පිරි සෙරන්ඩිබ් එකට.

ෆිල්ම් එක සිංහලෙන් ”අහසින් වැටෙයි” කියල තිබ්බට ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ ‘ලෝක දෙකක් අතර’ කියල (Between Two Worlds). ඇත්තටම මේකා ඇදගෙන වැටෙනකොට ආයේ ලෝක දෙකක් නැහැ. 2009 පවා තියෙන්නේ මේ බංකොලොත් ලංකාව විතරයි. සිදුවීම් දිගහැරීමේ නිශ්චිත කාලයක් විමුක්ති සටහන් නොකලත් නිදහසෙන් ඉස්සර වගේම පස්සෙත් හැම තැනකම තියන මහා ඩිස්තොපියාවට ඌත් වැටෙනවා. වැටිලා දඟලනවා.

ඒ දැඟලීම ඇතුලේ ඌට ආයේ වෙන ලෝකයක් නැහැ. සාත්තරකාරය කියන විදියට ඌට ආයේ මේකෙන් පිටවයාමකුත් නැහැ (no exit). ඒ නිසා ඌ සම්පුර්ණයෙන් ඇදවැටුණු එකෙක් (fully fallen). කොල්ලගේ පැවැත්මේ මානයෙන් ඒක රැඩිකල් ස්ථාවරයක්.

ඒ අර්ථයෙන් ඌට හොමි කේ. භාභා (Homi K. Bhabha) කියන ද්විත්ව පැවැත්මකට (hybrid existence) වඩා තියෙන්නේ පණ බේරාගැනීම, පණ රැකගැනීම පිළිබඳ මෙහේ තියන කේවල අරගලයක්. ඒක වෙනම මානයක්.

ඒ පණ බේරාගැනීමේ සමකාලීන අපේ අරගලය ඇතුලේ තමයි ඌ තවත් එක්තරා කතාවක කොටස්කාරයෙක් වෙන්නේ (a narrative within narrative). ඒ කතාව නිසා තමයි විමුක්ති ලාංකික අරගලයට අළුත් මානයක් (පරණම පරණ මානයක් අලුත් විදියට) එක් කරන්නේ. මොකද ඉතිහාසය නැවත නැවත ඒ අයුරින් හෝ වෙනත් අයුරකින් සිද්ද වෙන්න පුළුවන් නිසා. සහ ලේ තැවරුණ ලංකාවේ බලය හුවමාරු වෙච්චි විදිය බලන්න නම් ඉතිහාස පොත කියවන්න වෙන නිසා.

මේ මහා කතාව ඇතුළට විමුක්ති අරන් එනවා පරණම පරණ කොහේදෝ තිබ්බ මලකඩ කාච්ච රජ කතාවක්. මුහුදු වෙරළේ ගලක් උඩ දෙන්නෙක් කසිප්පු බෝතලයක් බොනගමන් කරන ක්ෂුද්‍ර කතාවක්. ලංකාවේ සත්‍යය පිලිබඳ යථාවේ කතාවක් (imaginary Real).

ඒ කතාවට අනුව රජවාසලේ සාත්තර කාරයෙක් කියනවා එක කුමාරයෙක් ඉපදුණාට පස්සේ උගේ මාමල දෙන්න මරල කුමාරය රජවෙනවා කියල. මේ සත්තරේ විශ්වාස කරපු මාමල මේ කුමාරය මරන්න සේනාව යවනවා. කුමාරය සහ එයාගේ යාළුවො හැංගි මුත්තන් සෙල්ලම් කරනකොට අර රාජ්‍යයේ මිණීමරුවෝ ටික ඇවිල්ල මේ කොල්ලෝ ටික මරනවා. හැබැයි ඇත්ත රජ කුමාරයා ගස් බෙනේ හැංගිලා හිටියේ හැංගි මුත්තම නිසා. ඒ නිසා එයා බේරෙනවා. විතරක් නෙවෙයි ලොකුමහත් වෙලා අර මාමල දෙන්න මරල රජවෙනවා.

මේ විමුක්තිගේ කතා නායකයාත් එහෙ මෙහෙ කරක්ගහල මේ අඳුරු ඩිස්ටොපියාවෙන් බේරෙන්න – කුලී මිණීමරුවන්ගෙන් බේරෙන්න ගස් බෙනේකට රිංගනවා (hollow in a tree).

ඉතිහාසය පසුආවර්තිත විදියට දැක්කත්, ඉතිහාසයේ ඉඳල වර්තමානය දෙස බැලුවත් විමුක්ති කියන්න හදන දේ තමයි සහමුළින් පොළොවට සමතලා කරපු අරගල කිහිපයක් අස්සෙත් තවමත් ගස් බෙන වල හැංගිලා ඇත්ත කුමාරවරු ඉන්න පුළුවන් කියන එක. මේ පොළවට ඇත්තට ආදරයකරන, මේ පොළොවේ ඇත්ත උරුමය තියන කුමාරවරු ඇත්තටම ගස් බෙණ වලින් එළියට එන්න පුළුවන් කියන එක. එයාල අහසින් වැටුණු අය නෙවෙයි. මේ පොළොවේ උරුමක්කාරයෝ.

ඒක පණිවිඩයක්. ටිකක් බය හිතෙන පණිවිඩයක්. ඒ නිසා මේ ෆිල්ම් එක බලන්න අපි කවුරුවත් පරක්කු නැහැ.

ෆිල්ම් එක බලන්නත් එක්ක මේ 21 වෙනිදා පස්වරු 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට එන්න.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan