*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

වජිර ආයෙත් මුට්ටිය දායි – මීළඟ අයවැයෙනුත් ඡන්දයකට සල්ලි නෑ ?

ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළොත් ජනතාවට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගෑස්, භූමිතෙල් ලබාගන්න බැරිවේවි කියලා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියනවා.

මන්ත්‍රීවරයා මේ බව කියලා තිබුණේ පසුගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ තිබුණු ආසන සංවිධායක හමුවකදී.

ළඟදීම මැතිවරණයක් එනවාදැයි සමහරු අහන නමුත් මුලින්ම ආර්ථිකය ස්ථාවර කර මැතිවරණයකට අවශ්‍ය මුදල් සොයාගත යුතු බවත් ඉන් පසුව ඕනෑම මැතිවරණයක් පැවැත්විය හැකි බවත් තමයි වජිර එහිදී වැඩිදුරටත් කියලා තිබුණේ.

ඡන්ද කල්දැමීම ගැන, කළගෙඩි – ලාම්පු සෙල්ලම් ගැන වජිර මීට කලිනුත් අවස්ථා කීපයකදී මුට්ටිය දාලා බලලා තිබුණා. ඉතින් වජිර මේ වතාවේත් කරන්නේ ඒකමද කියන එක දේශපාලන කරළියේ දැන් කතාබහට ලක්වෙලා තියෙනවා.

වජිර මීට කලින් කියපු කතා කීපයක් පසුකාලීනව ඇත්ත වෙලාත් තිබුණා. මේ අවුරුද්දේ මුල පවත්වන්න නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණයට දැනටත් වෙච්චි දෙයක් නෑ. ඒක නිසා වජිර ආයෙත් මේ සල්ලි නැති කතාවක් කියන්නේ ජනතාව කන්ෆියුස් කරන්නද, එහෙම නැත්නම් ඇත්තටම ඡන්දයකට සල්ලි වෙන් කෙරෙන්නේ නැද්ද කියන එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එක හොඳයි වගේ ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan