*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ikman Memberships හා Online Membership Platform (OMP) සමඟ Online Membership Platform (OMP) ව්‍යාපාර තවත් වර්ධනය කරයි  

2023 අගෝස්තු …, මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳපොල වන ikman අලුතින් හඳුන්වා දෙනු ලැබූ ikman Memberships හා ව්‍යාපාර සහ විකුණුම්කරුවන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කරන ලද Online Membership Platform (OMP) හරහා සාමාජිකයින් වෙත ඉහළ වටිනාකමක් ගෙන ඒමට කටයුතු කර ඇත. මෙම සාමාජිකත්වයන් තුළින් ලබා දෙන විශේෂාංග හා ප්‍රතිලාභ එම සාමාජිකයින්ගේ ව්‍යාපාර වර්ධනයට හේතු වන අතරම අන්තර්ජාල වෙළෙඳපොල තුළ වඩාත් කැපී පෙනෙන පැවැත්මක් තහවුරු කරනු ඇත.  

සෑම මසකම මිලියන 4කට ආසන්න නව පරිශීලකයින්ගේ ඉහළ ප්‍රවේශයක් සහිත දේශීය අන්තර්ජාල වෙළෙඳපොල වන ikman මෙරට අංක 1 මිලදී ගැනීමේ හා විකිණීමේ වේදිකාව බවට පිළිගැනීමට ලක්ව ඇත්තේ ගෘහීය නාමයක් බවට ස්ථාපිත වෙමිනි. ව්‍යාපාර හා පුද්ගලයින් හට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවසාන වේදිකාව ikman විසින් සපයනු ලබයි.

2500කට අධික ශක්තිමත් සාමාජික ජාලයකට හිමිකම් කියන විසින් විකුණුම්කරුවන් වෙත ඔවුගේ නිෂ්පාදනයන්හි අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයෙන් නිවැරදි සාමාජිකත්වය තෝරා ගැනීමට පහසුවක් ලබා දෙයි. තවද විකුණුම්කරුවන්ට ඕනෑම තැනක සිට ඔවුන් හා සම්බන්ධ වෙළෙඳසැල් පහසුවෙන් කළමනාකරණය කළ හැකි අතර විකුණුම් ක්‍රියාවලිය මනාව ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යාපාර සඳහා වාසි රැසක් ගෙන එනු ලබන ikman Memberships තුළින් ඔවුන්ගේ ප්‍රවේශය තව තවත් ඉහළ නැංවීමට මෙන්ම විකුණුම් වර්ධනය කිරීමටද හැකියාව උදා වීම විශේෂත්වයකි. තරඟකාරී අන්තර්ජාල වෙළෙඳපොල තුළ වර්ධනය වීම සඳහා අත්‍යාවශ්‍ය මෙවලම් සැපයීම සඳහා මෙම සාමාජික පැකේජ විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර ඊට ප්‍රධාන ප්‍රතිලාභ රැසක් ඇතුළත් වේ.

අවම මිලකට වැඩි වැඩියෙන් දැන්වීම් පල කරන්න – සාමාජිකයින් නොවන පරිශීලකයින්ට වඩා ikman Memberships ලාභීන්ට වඩා වැඩි ප්‍රතිලාභ හිමිකර දෙමින් අඩු වියදමකින් එක් දැන්වීමක් පළ කිරීමේ අවස්ථාවත් තව තවත් දැන්වීම් පල කිරීමේදී වැඩි වරප්‍රසාද හිමිකර ගැනීමේ අවස්ථාවත් උදා වේ. විශ්වාසය ගොඩනගන්න – ikman Memberships තත්වය තහවුරු කළ විකුණුම්කරු හා සාමාජික ලාංඡනයක් සමඟ පැමිණෙන බැවින් ශක්තිමත් ගැනුම්කරුවන් සමඟ වන විශ්වාසය හා සම්බන්ධතාවය වඩාත් තහවුරු කරනු ලබයි. නොමිලේ ප්රවර්ධනය – ikman Memberships ලබා ගැනීම තුළින් නොමිලේ ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා කරගත හැකි අතරම ඔවුන්ගේ දැන්වීම්වල දෘශ්‍යතාව ඉහළ නැංවීමට සහ ඒ හරහා වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකි වේ. ikman හි ඔබේම Virtual අලෙවිසැලක් – ikman Memberships ලාභීන්ට තමන්ගේ සන්නාමයේ අනන්‍යතාව ඉහළ නංවා ගනිමින් ikman වේදිකාවටම අයත් Virtual අලෙවිසැලක් සමඟින් තමන්ගේ සම්බන්ධතාහි පැවැත්ම අවශ්‍ය ආකාරයෙන් සකස්කර ගත හැකි වේ. දැන්වීම් ස්වයංක්රීයව නැවත පල කිරීම – ikman Memberships ලාභීන් සඳහා වන දැන්වීම් නැවත පල කිරීමට ikman වේදිකාව කටයුතු කරන අතර ඒ තුළින් තමන් සමඟ සම්බන්ධ වන ගැනුම්කරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමේ හැකියාව සහතික කරනු ලබයි. ගැනුම්කරුවන්ගේ උනන්දුව නිරීක්ෂණය කිරීම – මේ තුළින් ikman Memberships ලාභීන්ට ගැනුම්කරුගේ උනන්දුව හා දැන්වීම් සමඟ ඔවුන්ගේ සම්බන්ධවීම නිරීක්ෂණය කළ හැකි අතර ඒ තුළින් පාරිභෝගික හැසිරීම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගත හැකිය. දැන්වීම් අන්තර්ගතය වැඩි දියුණු කිරීම – ikman Memberships ලාභීන්ට තමන්ගේ දැන්වීම් සඳහා වැඩි වැඩියෙන් පින්තූර එක් කළ හැකි අතර එය දැන්වීමේ අකාරෂණය සහ අවබෝධ කර ගැනීමේ පහසුව ඉහළ නංවනු ලබයි. සාමාජික ලාංඡනය – ikman Memberships ලාභීන් වෙන්ව හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබා දී විශිෂ්ටත්වය වෙනුවෙන් වන ඔවුන්ගේ කැපවීම අගය කරනු ලබයි. ප්‍රබල දැන්වීම් සොයා ගැනීම – ikman Memberships තුළින් වෙළෙඳ දැන්වීම් සඳහා වැඩි දෘශ්‍යතාවක් හා ප්‍රමුඛතා ස්ථානගත කිරීමක් සපයනු ලබන අතර එය සාර්ථක ගනුදෙනු අවස්ථාවන් ඉහළ නංවනු ලබයි. 

මීට අමතරව ඔවුන්ගේ පහසුව තව තවත් ඉහළ නැංවීම වෙනුවෙන් Online Membership Platform (OMP) පිරිනැමීමට කටයුතු කරන අන්තර්ජාලය හරහා Memberships මිලදී ගැනීමේ හා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පහසු කරනු ලබයි. OMP මඟින් පිළිගනු ලබන සාමාජිකත්වයක් සඳහා වන සියලු ප්‍රතිලාභ හිමිකරදෙන අතර බාධාවකින් තොරව සබැඳි කළමනාකාරීත්වය සඳහා අමතර විශේෂාංගද සපයනු ලබයි. එහිදී OMP මඟින් ලබා දෙන ප්‍රධාන ප්‍රතිලාභ පහත අයුරින් සඳහන් කළ හැකිය. 

දැන්වීම් සඳහා අවම මිල – සම්මත Online Membership Platform (OMP) සාමාජිකත්වයන් සඳහා වට්ටම් සහිත සංස්කරණයක් විසින් ලබා දෙන අතර එය දැන්වීමක් සඳහා වන වියදම තව දුරටත් අවම කිරීමට හේතු වේ. වේගවත් හා පහසු බඳවා ගැනීම – මිලදී ගැනීම් හා බඳවා ගැනීම් ක්‍රියාවලිය විධිමත් කරන විකුණුම්කරුවන්ට තමන්ගේ වටිනා කාලය ඉතිරිකර දෙනු ලබයි. ඉහළ විකුණුම්කරුවන්ට වඩාත් සුදුසුය – විශේෂිත ඛාණ්ඩයන්හි නොමිලේ දැන්වීම් පල කිරීම සඳහා තමන්ගේ මාසික ගිණුම් සීමාවන් ඉක්මවා ගිය පුද්ගලික විකුණුම්කරුවන් සඳහා OMP වඩා වැදගත් වේ. ඔබේම Virtual අලෙවිසැලක් – OMP සාමාජිකයින් හට තමන්ගේම Virtual අලෙවිසැලක් ikman වෙතින් ලබා ගනිමින් ඔවුන්ගේ ඔන්ලයින් පැවැත්ම ඉහළ නංවා ගත හැකිය. දැන්වීම් විශ්ලේශණ වෙත පිවිසීම – තමන්ගේ දැන්වීම්හි කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම හා ඉහළ නැංවීම සඳහා වැදගත් වන දැන්වීම් විශ්ලේෂණය වෙත පිවිසීමේ හැකියාව OMP සාමාජිකයින්ට උදා වේ.  දැන්වීම් ස්යංක්රීයව නැවත පල කිරීම – දැන්වීම් ස්ථාවරව දැක ගැනීම සඳහා ස්වයංක්‍රීයව නැවත පල කිරීම OMP විසින් සහතික කරනු ලබයි. යාවජීව පාරිභෝගික සහයෝගය – ඕනෑම විමසීමක් හෝ පාරිභෝගික ගැටළුවක් විමසීම සඳහා යාවජීව පාරිභෝගික සහාය ලබා ගැනීමට OMP සාමාජිකයන්ට හැකි වේ. පහසු ඔන්ලයින් කළමනාකරණය – පහසුවෙන් භාවිත කිරීමේ හා කළමනාකරණය කිරීමේ හැකියාව සහිත OMP වෙබ් හා යෙදුම් වේදිකා හරහා පහසුවෙන් මිලදී ගෙන කළමනාකරණය කළ හැකිය.

තම සියලු ව්‍යාපාර හා විකුණුම්කරුවන් හට ikman Memberships හා Online Membership Platform (OMP)  විසින් ලබා දෙන ප්‍රතිලාභ ලබා ගැනීමට දිරි ගන්වන ikman ඒ හරහා තමන් සතු විශිෂ්ට අන්තර්ජාල වෙළෙඳපොලෙහි වාසිය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan