*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නාය යෑම් අනතුරු ඇඟවීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගෙවී ගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමක් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශ සඳහා විමසිලිමත් වියයුතු බවට සඳහන් කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව‍යි.

අද පස්වරු 4ට ඉදිරි පැය 36 සඳහා අදාළ වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර, වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි ,එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan