*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

ඩස්පින් – දිනපු මැච් එක

එහා පැත්තෙ දුරකතනයෙ ඉන්නෙ හෝටලේ අයිතිකාරයෙක් නෙමෙයි කියන එක පැහැදිළියි.ඒත ඉතිං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න දන්න ගොළුවෙක් නොවන කතා කරන එකෙක්.

රූපවාහිනිය බලන්න සිග්නල් තියෙනවා නේද?
තියෙනවා සර්;
අපි කිහිප දෙනාට එච්චරමයි ඕනි වුණේ.ලොකු සැප පහසුකමක් නැතුවට කැලේ පැත්තට වෙන්න තැනක ලංකාව දිනන හැටි බලන්න.මිත්‍රයෙක්ගෙ වෑන් කට්ටක ඌවත් දාගෙන අපි මැච් එක දවසෙ උදෙන්ම පිටත් වුණා.කැලෑබද පෙදෙසක් වුණත් නගරයට වැඩි දුරක් නැති නිසා අපි නැටුම් තෙල් ගන්න කටිටිය එතනින් බැහැල ආයෙ එනවා කියලා හිතාගෙන දිගටම ගෙදරට ගියා.

වාහනෙන් බහින කොට දවල් 10 යි.මනුස්සය අපිව විශ්වාස කරලා උදේටයි දවල්ටයි අතරමැදි වෙලාවක් වුණත් තඩල ටිකක් තම්බලා තිබුණා.වෑන් එකෙන් අපිව බස්සපු ගමන් මිත1යො දෙන්නෙක් කඩල කෑම ගැන හිතන්නෙ නැතුව ටවුමට ඉගිල්ලුනෙ නැටුම් තෙල් අරගෙන එන්න.

වාහනේ ගේට්ටුවෙන් එළියට දානකොටම ගේ අස්සට පැන්න එකෙක් එළියට දුවගෙන ආවෙ මචං ටීවි එකේ සිග්නල් නැහැ කියාගෙන.ඒක දිඩි බිඩිගාලා චෙක් කරගෙන අපි කෝල් ගන්න හදන කොට තමයි දැනගත්තෙ මොබයිල්වලටත් සිග්නල් නැහැ කියලා.
මොකද්ද මනුස්සයො මේ කරේ.කෝ සිග්නල්?
අපි අර ඉන්න මනුස්සයගෙ ඇගට ගොඩ වුණේ කරන්න තිබුණෙ ඒකම විතරක් නිසා.

සිග්නල් තියෙනවා ස්ර්.අර උඩ ගෙදර ටීවී එක බලන්න.එංගලන්තෙ එවාත් අපේ සාලෙ සිද්ධවෙනවා වගෙ පේන්නෙ.මේකෙ නැත්තෙ ඇන්ටෙනාවක්.තිබුණු එක වඳුරො කැඩුවනෙ.
“ඇන්ටෙනාවක් ගෙනත් මැච් එක බැලුවත් පාඩු නැහැ.මේකෙ ඉන්දියන්කාරයන්ට දෙනවා දීමක්.විහේෂයෙන් දස්සා මේකෙ තමයි දස්සයා කියලා ඔප්පු කරන්නෙ හරියටම.”
අපේ මිත්‍රයෙක් අනාවැකි වස්සනවා.ඇත්තටම ඇන්ටෙනාවක් ගේන්නත් ඉතිං අපේ කට්ටිය එනකං ඉන්න වෙනවනෙ.කෝල් එකක් දෙන්න සිග්නල් නැහැනෙ.

පස්සෙ හෝටලේ ඉන්න කෙනාගේ උපදෙස් පිට අපි වීසිකරලා තිබ්බ බියර් ටින් ටිකක් අරගෙන ගහකට නැගලා අඉතුරුවෙලා තිබුණ ඇන්ටෙනා කණුවෙ ඒවා පටලවලා සිග්නල් ගේන්න උත්සාහයක් දුන්නා.ඉතුරුවෙලා තියෙන බියර් ටින් එක ඒකෙ එල්ලලා කණුව එහාට මෙහාට කරකැව්වම ඔන්න ඇද වෙවී රූප පේන්න ගත්තා.තව ටිකක් වෙලාවකින් ඒවා කෙළින් වුණා.එකම අවුල රූප පැහැදිළි නැහැ.ඒ වගෙම ෂූ සද්දෙ.
“ග්‍රවුන්ඩ් එකට ගියත් අපිට දුරට පේන්නෙ කූඹි කකුල් වගෙ.ඒ වගෙම විස්තර කරන එවා ඇහෙන්නෙත් නැහැ.මේ ඇති.”

තියෙන තත්ත්වය ගැන අපේ මිත්‍රයෙක් සෑහීමකට පත්වෙලා කිව්වා.
ඒත් ඉතිං අපේ එකෙක්ට ඒ විදිහට කොහොමටවත් හිත හදාගන්න බැහැ.මනුස්සයා ගහක් දිගේ බඩ ගෑවා.වදුරෙක් වගේ ගහට නැගපු මිනිහ බෑග් එකකට කඩල ටිකකුත් දාගෙන නගින්නෙ කියලා කිව්වෙ වැඩ කරන මනුස්සයා.

උඹ ෂොට් එකක් ගහන්නවත් පහළට එන්නෙ නැද්ද?
නගින උස ගැන බයත් එක්කම අපි කෑ ගැහැව්වා.
අද මම දසුනයි කුසලයි ගහන ෂොට් බලන එකට තමයි මුල් තැන දෙන්නෙ.කුසලා කියන්නෙ කුසල් ජනිත් කියලා ඉතිං මිනිහ ගැන දන්න හැමෝම දන්නවා.

රටේ කොහේ ගියත් සිග්නල් තියෙන ජාතියෙ සිම් එකක් ගනිං උඹලත්.මේ ගහ උඩට හොඳට සිග්නල් තියෙනවා කියලා මනුස්සයා භාවිතා කරන ජංගම දුරකතන ජාලය ගැන ඇඩ් එකකුත් දැම්මා.
ඒ වගෙම නැටුම් තෙල් ගේන්න ගිය මිත්‍ර සංගමයත් ඇමතුවා.
මචං තව පැය භාගයක්වත් පෝලිමේ ඉන්න වෙන සයිස් එකක්ලු තියෙන්නෙ.ඒ තරම් සෙනඟලු.

ඒ පණිවිඩය නැටුම් තෙල් ගේන්න ගිය මිත්‍රයන්ගෙන්.
මිනිස්සු ඉතිං දන්නවානෙ සිද්ධිය.ඉතිහාසෙම වෙලා තියෙන්නෙ මුල් වටයෙ පරදින ටීම් එක ෆයිනල් එකේ දිනන එක.
දත්ත සහිතව අපේ මිත්‍රයෙක් කතා කරන්න ගත්තා.
දිගටම මේ දවස්වල දසුන් කරන රාජකාරිය බවට පත්වෙලා තියෙන කාසිය උඩ දාන වැඩේට පිට්ටනියට ආවා.මනුස්සය ඒක දිනුව.බැට් කරනවා කිව්වා.

ඊට පස්සෙ තමයි හොදම හරිය.මැච් එකට ඉස්සෙල්ලා එකෙක්වත් පිටිය පරික්ෂා කරලා නැහැ කියලා තේරුණා.උන් එනවා පිටිය බලනවා යනවා.ඒ එක්කම ලකුණු ගාණට කිට්ටුවෙන් විකට් ගාණත් යන එක තමයි අවුලක්.අපි හැමොටම අර්ධ ශතක ගහන එව්වො ශතක ගහන එව්වො ගැන අදහසක් තිබුණා.ඒත් බලද්දි මුං ඔක්කොම එකතු වෙලත් ගැහැව්වෙ 50 යි.ඒකෙනුත් 4 ක් කෝලි බොලේ විකට් එකට දමලා ගහපු එකක් හතරක් ගිහිං ලැබුණු සහන හතරක්.

යාළුවා ගහෙන් බිම.දැන් අර කුරු ශබ්දෙයි.අපැහැදිළි පිංතුරයි විතරයි.
ඔන්න ඉන්දියාව අන්තිම ලකුණ අරගෙන මැච් එක දිනන කොටම කට්ටිය නැටුම් තෙල් සමඟ ගෙට පැන්නා.වෙච්චි දේ දන්නෙ එතකොට.
“ආයෙ ඉතිං මොන ආතල් ද අපි යං”

එකෙක් අරගෙන ආපු බඩු බෑග් එක කරේ දාගෙනම කිව්වා.
ගිහිං බොන්න බෝතල් ටිකත් අහුරගත්තු අපි ගෙනත් තිබුණ බියර් කෑන් ටික හෝටලේ ඉන්න කෙනාට දුන්න බීල ඉවරවෙලා හොඳ ඇන්ටෙනාවක් හදාගන්න කියලා.මනුස්සය පිං දිදී අපේ මැච් පරාජය සම්බන්ධයෙන් වූ දුක තුනී කරන්නත් හොද කතාවක් කිව්වා.

එච්චරම හිතන්න දෙයක් නැහැනෙ මහත්තයා.අපි 50 ක් ගැහැව්වා කියලා උන් 300 ක් ගැහැව්වෙ නැහැනෙ.උන් ගැහැව්වෙත් 51 යි.නායකත්වය කියන්නෙ ඒකට.කාසියේ වාසිය දිනලා බෝල් කරනවා කිව්වනම් උන් 300 ක් ගහලා අපි 50 ට කඩන්නෙ.ලකුණු 250 ක පරාජයක් බේරුවෙ තනිකරම නායකයා.

හිත හදන්නට ගත් උත්සාහය නරක නැත.ආපු වෙලාවේ සිට අපේ එකෙක් අද දසුන් දක්වන වික්‍රමයන් ගැන දැකපු හීන එසේ කියන්නට හේතු වන්නට ඇත.අපි කිසිවක් නොබැන එතනින් පිටත්විමු.
අතරමඟ කිරිබත් බෙදීමේ මහා දන්සලක්ය.ගැහැණු කට්ටියක් රබන් ගහනවාය.කොල්ලෙක් පෑඩ් දමාගෙන බැට් එකකුත් ගෙන සිංහ කොඩිය වනමින් පාරේ යන එන වාහන නවතන්නේය.කමොන් ශ්‍රී ලංකා කියා කියන අය ද ඒ අතර ඇත.අපි වාහනය නැවත්තුවෙමු.
මොකද මේ?
ටිම් එක රට වෙනුවෙන් කරපු එකට.
පරාදනෙ ඉතිං.

“පැරදුණාට අද වෙනම වැඩක් ගියා ස්ර්.තිලීපන්ගෙ අනුස්මරණයට ගහලා,ජාතිවාදය ඇදලා,කොටි නැගිටිනවා කියලා රටට කියලා රට බේරගන්න නායකයෙක් එන බව කියන සෙට් එකේ ඇඩි එක මැච් එක අස්සට ඔබලා මුං ගහපු ලොකු ප්ලෑන් එකක් කොල්ලො ටික ලකුණු 50 ක් ගහලා අවුරුදු 50 ට උන්ගෙ නැගිටීම වහලා දැම්මා.අපි ඕවට අහුවෙලා කිරිබත් කාපු මිනිස්සු ඉස්සර.දැන් ඉතිං ඒ අපරාධවලට අහු නොවෙන්න වැඩක් සිද්ධ වුණාම ඇරියස් පියවන්න සතුටු වෙනවා.මැච් එකක් වගෙද ස්ර් රටක්.”
ඒ වෙනකොටත් කටට ඔබාගෙන හිටපු කිරිබත් කෑල්ල හිරවෙන තරමෙ හැඟීමක් ආවෙ මට.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan