Monday, September 25, 2023
spot_img

Latest Posts

ඉදිරි කාලයේදී මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරනවා – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා කළ 11.5%ක් වූ ඍණ ආර්ථික වර්ධනය මෙම වසරේ එම කාලය තුළ 3.1%ක ඍණ වර්ධනයක් සටහන් කරමින් වර්ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන බවත්, බැංකු පොලී අනුපාත පහත හෙලීම තුළින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කාර්තු දෙක තුළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත්, වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , කෘෂිකාර්මික, නවාතැන් සහ ආහාර ක්ෂේත්‍ර එම වර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇති බවත්, සංචාරකයින් පැමිණීමත් සමග 34.2%කින් වර්ධනය වී ඇති අතර ආහාර , නවාතැන් ක්ෂේත්‍රය තව දුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.