*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

එළියෙ ඉන්න ඩොලර් ගිලින අය ක්‍රිකට් එක දිහා බලා ගෙන ඉන්නවා – ශම්මි ද සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ක්‍රිකට් ආයතනයේ ස්ථාවර තැන්පත්වල මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් පමණ තිබෙන බවත්,එය ඉතිහාසයේ කවර කළකවත් සිඳු නොවූ එකක් බවත්ය.මේ මුදල ගිලින්නට එළියේ සිට මේ ගැන දන්නා අය කුරුමාණම් අල්ලන බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
“වැඩිම වුණොත් ඩොලර් මිලියන දෙකක් තියෙන්න ඇති ඉස්සර.මේක තමයි වැඩිපුරම මුදල”
සභාපතිවරයා ක්‍රිකට් ආයතනයේ ඉතිහාසය හා සසඳමින් පැවසීය.
ආසියානු කුසලානය නොපැවත්වීමෙන් ශ්‍රී ලංකාවට සිඳු වූ හානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ තමන් එවැන්නෙක් ගැන නොදන්නා බවය.නමුත් එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවත්වූවානම් ලැබෙන්නට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ට මඳක් වැඩි විය හැකි මුදලක් බවත්, එසේ නොපැවත්වීමෙන් ඒ ලැබීමට තිබූ මුදලට වඩා ඩොලර් මිලියන 4 ක පමණ මුදලක් වැඩිපුර ලැබුණ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර 2011 දී ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට හිමිව තිබූ ඩොලර් මිලියන 20.5 මුදල ගැන සිහිපත් කළ ශම්මි සිල්වා සභාපතිවරයා එවැනි තත්ත්වයක පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ආයතන සේවකයන්ට වැටුප් ගෙවීමට අයිසීසී එකෙන් මුදල් ණයට ගැනීමට සිඳු වූ බව පෙන්වා දුන්නේය.ඒ කුමන පාලනයක් යටතේ ද යන්න අමතක නොකරන ලෙස පැවසූ සභාපතිවරයා අපේ ක්‍රිකට් පාලනය ගැන අවධානයෙන් සිටින අයිසීසී නිලධාරීන් දැනටත් අහන්නේ අපි කාලෙකින් ණයක් ඉල්ලුවේ නැත්තේ ඇයි කියා බව පැවසීය.
එසේ ණය නොවී ගිණුම්වල තත්ත්වයද හොඳින් පවත්වාගෙන යද්දී එළියේ සිටින අය මේ මුදල් ගැන දැනගෙන ඒවා ගිලගන්නට උත්සාහ කරනු ඇති බව කී සභාපතිවරයා වරින් වර අතුරු කමිටු සේ පැමිණ රටේ ක්‍රිකට්වලට සිඳු කළේ එය බව ද සිය කතාවෙන් හැඟවීය.මේ වන විට නවසීලන්තයටත් වඩා හොඳ ශක්තිමත් ස්ථාවර ගිණුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවතින බව පෙන්නා දුන් ශම්මි සිල්වා ප්‍රකාශ කළේ නලීන් බණ්ඩාර එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් වැරදි තොරතුරු මත පදනම්ව එය කළ ඇති බවය.ඔහු මන්ත්‍රීවරයෙක්ද යන්න තමන් නොදන්නා බව කී සභාපතිවරයා තමන් වැඩිපුර දේශපාලකයන් නොහඳුනන බව කීවේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan