දසුන් කැප්ටන් උනේ වැඩ පෙන්නලා, රනිල් කැප්ටන් උනේ හෙරු අත උස්සලා – චමින්ද විජේසිරි

අන්තයටම වැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියාවේ ශූරයන් දක්වා ඔසවා තැබීමට කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වීම හා තමා ජනාධිපති ධුරයට පත්වීම සමාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය හාස්‍යජනක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

වසර ගණනාවක් සිදුකළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස දසුන් ශානක තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ හොරු රැලකගේ පිහිටෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. දසුන් ශානක තමන්ගේ රට ආසියාවේ ඉහළම ස්ථානයක තබද්දී රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේ ජනාධිපති පුටුවට ඒම සඳහා තමන්ට පිහිට වූ හොරු රැළ ආරක්ෂා කිරීම පමණක් බවත් ඔහු සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට බලපෑ කිසිදු අර්බුදයකට රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ විසඳුම් ලැබී නොමැති බවත්, එසේ විසඳුම් ලැබේ යැයි විස්වාස කළ නොහැකි බවත් පෙන්වා දෙන චමින්ද විජේසිරි මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා හෝ ජනතාවට සහන සැළසිම සඳහා කිසිදු වුමනාවක් නොමැති බවයි.

ඔහුගේ ඒකායන අරමුණ ඉදිරි වසර දෙකහමාරක කාලසීමාව කෙසේ හෝ ජනාධිපති පුටුව ආරක්ෂා කර ගැනීම බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණේ හොරු රැලට සියලු වරදාන වරප්‍රසාද ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පවසනවා. යම් හෙයකින් පොහොට්ටු හොරු රැලගේ උවමනා එපාකම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඊට පසුදිනම ජනාධිපති පුටුවෙන් බැස ගෙදර යාමට ජනාධිපතිවරයාට සිදුවන බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...