දමිළයකු වී ඉපදීමේ ගැටලුව ….

Date:

තිලීපන්ගේ තිස් හයවැනි සමරුව වෙනුවෙන් තිලීපන්ගේ කුඩා ස්මාරකයක් රැගෙන පැමිනි කැබ් රථයකට ත්‍රීකුණාමලයේදී මැරයන් පිරිසක් පන්න පන්නා පහරදෙන වීඩියෝවක් දුටුවෙමි. ඒ පහර දීම කළ පොලුවල සිංහ කොඩිය දවටා තිබෙනු ද ඒ අසල පොලීසිය සිටිනු ද දුටුවෙමි …

තිලීපන් යනු අවම වශයෙන් සන්නද්ධ සටන්කරුවෙකු ද නොවේ. තිලීපන් උපවාසයකින් විරෝධය දක්වා මියගිය දමිල ශිෂ්‍යයෙකි. තිලීපන්ලා බිහිඋනේ ඉතිහාසය තුලදීද මෙසේම සිදුවූ මෙවන් තිරිසන් ගෝත්‍රික වැඩ නිසාය…

උතුරේ මෙන්ම 88 – 89 දී දකුනේදී ද සන්නද්ධ අරගලයක් බිහිවූ බව අපි දනිමු. නමුත් දකුණේ සන්නද්ධ අරගලය අවසන්ව අවුරුදු පහක් යාමටත් මත්තෙන් කොළඹදී සන්නද්ධ අරගලයේ වීරයන් සැමරිය හැකිව තිබියදී උතුරේ සටන අවසන්ව දසකයකටත් වඩා ගතව ඇතත් රටේ කිසිදු මුල්ලක අවම වශයෙන් උපවාසයෙන් විරෝධය දැක්වූ දමිලයෙක්වත් සමරන්ට බැරි ඇයි….?

මේ නින්දිත ක්‍රියාවල ප්‍රතිපලය වන්නේ අනාගතයේද නැවත වටයකින් උතුර දකුණ මැදින් ගලායන ලේ ගංගාවන් බිහිවීමයි. මේ අවාසනාවන්ත බිමේ ඉතිහාසය විගඩමක් ලෙසත් ඛේදවාචකයක් ලෙසත් යලි යලිත් එකම දුෂ්ට චක්‍රයක කැරකෙනු පෙනේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...