JR වගේ කිව්වට රනිල් යන්නෙම මහින්දගෙ පාරෙ – වෙල්ගමගෙන් චෝදනාවක්

Date:

‘මහබැංකු අධිපතිවරයා කියනවා භාණ්ඩගාරය බංකොලොත් වෙලා, මිනිස්සුන්ට සහනාධාර දෙන්න බෑ කියලා. එහෙම තියෙද්දි රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් පත් කරනවා. මෙයාලට වරප්‍රසාද නෑ කිව්වට ඔක්කොම වරප්‍රසාද හම්බ වෙනවා.’

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙසේ ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දැන් හොඳටම අමාරුයි, පටි තදකර ගන්න යැයි ජනතාවට උපදෙස් දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එළිසබෙත් රැජිනගේ අවමංගල උත්සවයට සහභාගිවීම සඳහා දහයකට වැඩි පිරිසක් සමග එංගලන්තය බලා ගිය බව වෙල්ගම මහතා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන අත්පොත් තැබූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අඩිපාරේ ගමන් කරන බව බොහෝදෙනා ප්‍රකාශ කළද ක්‍රියාකාරීත්වයෙන් ජනාධිපතිවරයා පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරනව බව යැයිද කුමාර වෙල්ගම මහතා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ගුවන් යානා වෙන් කරවාගෙන සිය පිරිවර සමග පිටරට සවාරිවල නිරත වූ අයුරින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද කටයුතු කරන බව පෙන්වා දෙන වෙල්ගම මහතා පවසන්නේ රට මෙතරම් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ජනාධිපතිවරයාගේ හැසිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය කරනවා නම් රිමාන්ඩ් වෙන්නත් ඕනේ. නැත්නම් ඒ දේශපාලන චරිතය සම්පූර්ණ වෙන්නේ නැහැ!

කොළඹ LNW:රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන...

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...