ට්‍රම්ප් CNN ඇතුළු මාධ්‍ය ආයතන 3කට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 20:
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN, MS NOW සහ Politico යන ප්‍රධාන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, මෙම මාධ්‍ය ආයතන තම පාලනය සම්බන්ධයෙන් “ව්‍යාජ පුවත්” වාර්තා කරන බව පවසමින්, ඒවාට ධවල මන්දිර ප්‍රවේශය තහනම් කරන බවයි.

ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා CNN, MS NOW සහ Politico මාධ්‍යවේදීන් ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ මාධ්‍ය ප්‍රවේශ අවසරපත් අවලංගු කර ඔවුන්ට ඇතුළුවීම තහනම් කර තිබේ.

CNN ආයතනය පවසන්නේ මෙම තහනම ඇමරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් සහතික කර ඇති මාධ්‍ය නිදහසට බලපෑමක් බවයි. Politico සහ MS NOW ද තම ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ සංගමය (WHCA) ද විරෝධය පළ කර ඇති අතර, මාධ්‍යවේදීන්ට ප්‍රවේශය ඔවුන්ගේ වාර්තාකරණයේ අන්තර්ගතය මත අත්තනෝමතික ලෙස සීමා කළ නොහැකි බව එම සංගමය පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...