කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සෙත්පතා හෙට (21) දින පස්වරු 4.00ට මාතර බෝධියේ පැවැත්වීමට නියමිතව තිබූ බෝධි පූජාව තැබීමට ඉඩදිය නොහැකි බව මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ප්‍රකාශ කර ඇත.
2028 සැප්තැම්බර් 21 දින මෙම බෝධිපූජාව පැවැත්වීමට සියලු අවසර මීට දින කිහිපයකට කලින් ලබාගෙන තිබුණි.
මේ අනුව නාමල් රාජපක්ෂ මහතාට සෙත්පතා සිදුකරන බෝධිපූජාව වෙනත් ආගමික ස්ථානයක සිදු කිරීමට එහි සංවිධායකවරුන්ට සිදුවී ඇත.




