වීසා නීති උල්ලංඝනය කිරීම : ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු කුවේටයෙන් පිටුවහල් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

වලංගු වීසා බලපත්‍ර නොමැතිව කුවේටයේ රැඳී සිටි බවට චෝදනා මත එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (19) අලුයම ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කරනු ලැබූ බව ගුවන් තොටුපළ නිලධාරීහු පැවසූහ.

ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා අවස්ථා සඳහා කුවේටය වෙත ගොස් සිටි මෙම පිරිස, තම රැකියා ගිවිසුම්වලට අනුව අනුමත නොකළ ස්ථානවල වලංගු වීසා බලපත්‍ර නොමැතිව සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් ඊයේ අලුයම 3.10ට පමණ ‘අල් ජසීරා එයාර්ලයින්ස්’ (Al Jazeera Airlines) හි JN-551 දරන ගුවන් යානයෙන් කුවේට් නගරයේ සිට පිටුවහල් කරනු ලැබූ අතර, පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ඔවුන්ගේ උපන් ගම්මාන වෙත ආපසු යාම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීම ඇතුළු පහසුකම් සැලසීමට කටයුතු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...