නායයෑමක් හේතුවෙන් හැටන්-බගවන්තලාව මාර්ගය අවහිර වේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඩිකෝය, වන්රාජා වතුයාය ආශ්‍රිත හැටන්-බගවන්තලාව-මස්කෙළිය-බලංගොඩ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අද (20) පෙරවරු 11.00ට පමණ මෙම නායයෑම සිදුවූ අතර, හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ ඇති පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පස් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට ද දැනුම් දී ඇති බව පොලිසිය පැවසීය.

එම ස්ථානයේ තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බැවින්, අදාළ මාර්ග කොටස ඔස්සේ ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස හැටන් පොලිසිය ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...