නායයෑමක් හේතුවෙන් හැටන්-බගවන්තලාව මාර්ගය අවහිර වේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඩිකෝය, වන්රාජා වතුයාය ආශ්‍රිත හැටන්-බගවන්තලාව-මස්කෙළිය-බලංගොඩ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අද (20) පෙරවරු 11.00ට පමණ මෙම නායයෑම සිදුවූ අතර, හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ ඇති පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පස් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට ද දැනුම් දී ඇති බව පොලිසිය පැවසීය.

එම ස්ථානයේ තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බැවින්, අදාළ මාර්ග කොටස ඔස්සේ ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස හැටන් පොලිසිය ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...