*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

බදු ප්‍රශ්නය ගැන වෘත්තිකයින්ගෙන් IMF වෙත සංදේශයක්!

කොළඹ LNW:ඉල්ලා තිබෙන පරිදි තවදුරත් විසඳුමක් ලබා දී නැති වෘත්තීයවේදීන් මුහුණ දී සිටින බදු ගැටලුව සම්බන්ධයෙන් අද (20) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට කටයුතු යොදා තිබේ.

වැටුප මත පනවා ඇති බදු තවදුරටත් දරාගත නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ අනුව මෙය වෙනස් කර ගැනීම ගැනීම සඳහා මැදිහත්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බවයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ බදු ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම කර තිබියදීත් රජය විසින් එය නොසලකා හරිමින් තිබෙන බවයි.

මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පැවැත්වෙන හෙයින් වහාම බදු සංශෝධනයක් අවශ්‍ය බවයි අලුත්ගේ මහතා කියාසිටින්නේ.

එහෙත් තවදුරටත් සහනයක් නොදෙන්නේ නම් ඉදිරි මැතිවරණවලදී ඊට උත්තර දීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan