අභියාචනා හා විරෝධතා අවසන්වූ වහාම සැමට අස්වැසුම ලබේවි – මුදල් රාජ්‍ය අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බවත්, ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවත් , මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු.මි 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති අතර, අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...