*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

නම ගිය අපරාධරුවෙක් බොරැල්ල පොලීසියට කොටුවෙයි!

කොළඹ LNW:විවිධ ගණයේ අපරාධ පහකට සම්බන්ධ දිවයිනේ නම ගිය අපරාධකරුවෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම තැනැත්තා බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රභූ නිවෙස් වෙත ඇතුල් වී භාණ්ඩ රැසක් සොරාගෙන තිබෙන අතර ඒවායෙහි වටිනාකම රු. ලක්ෂ 100කට අධික බවයි පොලීසිය පවසන්නේ.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ බොරැල්ල ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේදී වන අතර අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 12ක් පොලීස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් සොරා ගන්නා ලද රු. ලක්ෂ 50ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙන අතර එම භාණ්ඩ අතර බයිසිකලයක්,රුපාවාහිනී යන්ත්‍ර,ඇතුළු ගෘහ විදුලි උපකරණ කිහිපයක් සහ ලැප්ටොප් පරිගණක දෙකක් වන බව සඳහන්.

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ විදුලි උපකරණ අලෙවිකරණ සමාගමක හිමිකාරියගේ නිවසකට,ගාලුමුවදොර පිහිටි තරු පන්තියේ හෝටලයක හිමිකරුවෙකුගේ නිවසකට මෙන්ම යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුගේ නිවසකට ද ඇතුළු වී භාණ්ඩ සොරාගෙන තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan