*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

වරුණ වෙනස් මුහුණුවරකින් හමුවෙමු! එතෙක් BYE..

දුරකතන ඇමතුමකි.

අයියෙ මං වරුණ,මං ක්‍රීඩාව නවත්තනවා.20 දා උදේ 8.00 ට දියගමට එන්න පුළුවන්නම් ලොකු දෙයක්.

ඉන් පසුව ඒ ආරාධනාවට හේතුවය.

මගෙ ගැන ඉස්සෙල්ලාම වචනයක් ලිව්වෙ අයියා.ඒ නිසා ඉන්න පුළුවන්නම් හොඳයි.

මටත් ඉන්නම ඕනි වුණත් ඊයෙ රාත්‍රියෙ දුවගෙ නාට්‍යයක් නිමා වී වාහනයක් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා ලයනල් වෙන්ඩ්ට් හී සිට අපි චිත්‍රපට සංස්ථාව දක්වා ඇවිද්දෙමු.රෙදි ඇඟට ඇලෙනකම්ම තෙමුණෙමු.දැන් ඒ වතුර නහයෙන් පිටාර ගලමින් ඇත.පෞද්ගලික වාහනයක් නැති නිසා ඒ වතුර පොදු ප්‍රවාහන සේවයක හලමින් යා නොහැකිය.

ඒ වෙනුවෙන් මාධ්‍යයට නිකුත් කළ ලියවිල්ලක් ද ලැබී ඇත.එය පස්සට අලවන්නට තබා දැනට වරුණ ගැන මගෙ හිතේ ඇලුණ දේ ලියන්නට තීරණය කළෙමි.

වරුණ හිතවතෙක් වන්නේ පිට්ටනියේ දී ය.ඒ ඔහුගේ දස්කම් නිසාය. නිතර කතා කරන්නට හේතු හැදෙන වීසි කිරීම් ඔහු කළ නිසාය.වරුණගේ මුල ඉන්නෙ වොලිබෝල් පුහුණුකරුවෙක් ය.අද ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුකරු වන චන්න අතට දුන්න හෙල්ලය,වොලිබෝලයට යන්න බැරි තරම් දුරට අරගෙන ගිහිං ඔහු අත අරින විට හෙල්ල සමඟ වාසයට වසර 21 වන්නේය.

වරක් වරුණ,මංජුල කුමාර,ප්‍රසන්න අමරසේකර,ශෙහාන් අඹේපිටිය,චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක සහ ක්‍රිස්ටීන් මෙරිල් ආසියානු ග්රෝන් ෆ්රී සංචාරයට එක් වූවෝය.කණ්ඩායම සමඟ ගිය එකම මාධ්‍යවේදියා මා ය.ඒ අතරින් ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට ක්‍රීඩකයෝ සිව් දෙනාම අද ද නිතර අසනීප තත්ත්වයන් ගැන පවා විමසන්නට තරමේ සමීපතමයන් වූයේ ඒ සංචාරයේ මුහුණ දුන් කාරණාවන් සමඟය.

සංචාරයට කළමණාකරු සහ පුහුණුකරු ලෙස එක්ව සිටියේ සුනිල් ගුණවර්ධනය.ඔහුට වැඩ අධිකය.කළමණාකරු මෙන්ම පුහුණුකරු වීම නිසා අධික වැඩ ද දෙයාකාරය.කතරගම දෙවියන් සිටියත් අත පය වැඩිපුර තිබුණාට තැන් කිහිපයක වැඩ කිහිපයක් කරන්නට බැරිය.

ධාවන තරග සඳහා සහභාගිවන හතරකි.ඔහු එතැන සිටියදී මා සිටියේ උස පනින මංජුල සහ වරුණ සමඟය.ඒ සුනිල් කියා නොවේය.පරාජයන් ගැන ලියන්න හේතුම හෙව්වාට ජයග්‍රහණය ලැබෙන්නෙ නැති බැවින්ය.

සම්භාහනයට කිසිවෙක් නැත.දන්න විදිහට ක්‍රීඩකයන් කියන විදිහට ඒ වැඩේ ද කරන්නට මා ඉදිරිපත් විය.වරුණ,මංජුල,ප්‍රසන්න වැන්නන්ගෙ මාංශ පේශි කළුගල් මෙලෙක් කරනවා සේ ඇල්ලිය යුතුය.නිතර ක්‍රීඩකයන් මැසිවිලි නැඟුවත් තනතුරුවලට පත් කරන ක්‍රීඩා කරපු පැරන්නෝද සංචාරවල කප්පාදුව පටන්ගන්නේම සම්භාහකයන්⁣ට අත තබමින්ය.

මගේ කාමර සඟයන් වූයේද වරුණ සහ ⁣ශෙහාන් ය.ක්‍රීඩකයන් ලෙස වැඩි පහසුකම් ඔවුන්ට ඇතිවන සේ හැසිරෙන්නට මාත්,මාධ්‍යකරුවෙක් විදිහට නොව වැඩිමහල් සහෝදරයෙකුට සළකන සේ මට සළකන්නට ඔවුන් දෙදෙනාත් උත්සුක වූහ.කාමරේ ඇතුළත තරගය එබඳු විය.අවසානයේ මම මගේ අරමුණ පැහැදිළි කළෙමි.ඉන් පසු මගෙත් අභිප්‍රාය ඔවුන්ගේ ජය බැවින් ඔව්හූ තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් මගේ තර්ක ඉදිරියේ පරාජය වූහ.

නිතර ක්‍රීඩා පිටියේ හමු වූ වරුණ ලක්ෂාන් දයාරත්න අභිබවා යා හැකි වීසි කරන්නන් කෙතරම් ආව ද,ඔහු පරාජය ඉදිරියේ නොසැලි දිගටම ක්‍රීඩාවේ රැදී උන්නේය.නැවතත් වෙහෙස වී ජයග්‍රහණ අතරට ආවේය.වසර විසි එකක අත්දැකීම් යනු සුළු නැත.වීසිකර දුර ප්‍රමාණයට වඩා වටිනාකමක් ක්‍රීඩාවට දිය හැකි දැනුමක් සහිතව ඔහු සමු ගන්නේය.ඒවා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් සැකසිය යුත්තේ ක්‍රීඩා බලධාරීන්ය.

වරුණ නිරන්තරයෙන් ක්‍රීඩකයෙකු ලෙස කැප වී ක්‍රියා කළ අයෙකි.ඔහු රටක් වටින බව රටට පළමු කොට අකුරෙන් ලියූ වැකි ගැන පසු තැවීමට දෙයක් නැත.ඔහු වසර 21 ක් පුරා ඒ අකුරුවල වටිනාකම වැඩි කරන ක්‍රීඩාවක නිරත විය.ඒ නිසා තව දුරටත් ක්‍රීඩක දිවියට විශ්රාම තබන වරුණගෙන් ක්‍රීඩාවට වටිනාකමක් ගන්න ආකාරය සිතීම ද රටට වටිනා වැඩක් විය හැකිය.ඒ අපේ යෝජනාවය.

කළ දේ ට තුති තබන අතරේම ඉදිරිය සුබ වේවා යනුවෙන් අපි පතන්නෙමු.අලුත් මුහුණුවරකින් ක්‍රීඩා පිටියේම හමුවන්න සිතන්නෙමු.වරුණ වෙනුවෙන් සකස් කළ නිල ප්‍රකාශය ද,ජයග්‍රාහී කඩඉම් පිළිබද සංක්ෂිප්ත කළ සටහනද මේ සමඟ දක්වන්නෙමු.

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක වරුණ ලක්ෂාන් දයාරත්න ක්‍රීඩක ක්‍රීඩිකයාගේ ක්‍රීඩා දිවියේ විශ්‍රාම ගැනීම පිළිබඳව මාධ්‍ය ආයතනයන්හි ක්‍රීඩා ඒකක දැනුවත් කිරීම.
1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය.
දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.


ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් පදක්කමක් දිනාගත් පලමු ලාංකිකයා වෙමින් 2007 වර්ෂයේ දී කොළඹ දී පැවැත් වූ දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවයය්් දී ලොකඩ පදක්කම ශි ලංකාවට දිනා දීමට වරුණ සමත් විය.
2017 වර්ෂයේ දී ලන්ඩන් හි පැවති ලොක ශුරතා මලල ක්‍රීඩා උළෙලට ලොව හොඳම ක්‍රීඩකයන් 32 අතරට පැමිණ සුදුසකම් ලබා ගත් වරුන ලෝක ශුරතා තරගයට පිරිමි හෙල්ල විසි කිරිමෙ ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ පලමු හා එකම ක්‍රිඩකය වෙ එසේම 2015 ව වර්ශයෙදි පවතී ලෝක ආරක්ශක සේවා ක්‍රීඩා උලෙළට ද සහභාගි විය.වරුන අවස්ථා 3 ක දි ආසියානු ශුරතා තරගවලි සදහා ශ්‍රී ලංකාව නියොජනය කලෙය එසෙම ආසියානු ගොන්ෆ්‍රී තරග 11 දී ශ්‍රී ලංකාව නියොජනය කරන ලදී.
2010 හා 2019 වර්ශයෙදි ද දකුණු අසියානු ක්‍රීඩා උලෙළට සහභාගි විය.

මිට අමතරව 2013 වර්ෂයේ කැඩෙට් නිළධාරියකු වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී දැනට ශ්‍රී ලංකා යුධහමුදා කපිතාන් වරයෙකු වශයෙන් රාජකාරී කරන අතර ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ නිළධාරි පාඨමාලාවක් සම්පුර්ණ කර ක්‍රීඩකයකු වශයෙන් ලෝක මට්ටම නීයෝජනය කල ප්‍රථම නිළධාරියා බවට පත් විය.

https://www.facebook.com/100001809361249/videos/pcb.9911262698943944/718766203416488

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan