කොළඹ LNW:09 වෙනි විධායක ජනාධිපති තෝරාපත් කරගැනීමේ ජන්ද විමසීම අවසන් වන විට ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතය ක් ලෙස 75%ත් 80% අතර අගයක් ගෙන තිබේ.
මෙය 2019 ජනාධිපතිවරණය සමඟ සසඳා බැලීමේදී ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයේ අඩුවක් සිදුව ඇති බව දැක ගත හැකියි. 2019 දී ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 83.72%ක් ලෙස වාර්තා වී තිබුණි.
ඒ මොහොතේ ප්‍රබලතම අපේක්ෂකයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ද 6,924,255ක් ලබා ගෙන 52.25% වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන ලදී. එහිදී ප්‍රතිවාදී පාර්ශවය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතා ජන්ද 5,564,239ක් ලබාගෙන 41.99%ක් ලෙස ප්‍රතිශතය වාර්තා කර තිබුණි.
කෙසේවෙතත් මෙවරද ඉතා සුවිශේෂී ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයක් ගත කළ අතර දේශපාලනයේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් දැක ගත හැකි වූ අතර එයට ප්‍රධාන කොටම 2022 ගෝල්ෆේස් මහජන අරගලය හේතුවක් ලෙස දැකිය හැකිය.
ප්‍රධාන කොටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසත් ඔහුට සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන චරිත කිහිපයක් මැතිවරණ පිටියේ තරඟ කළ නමුත් මැතිවරණ ව්‍යාපාරය තුළ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා සුවිශේෂී ලෙස කැපී පෙනෙන්නට විය.
සමාජය තුළද ජනධිපතිවරණ ජන්ද විමසීම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්නට ලැබුණු අතර ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය 2019 ට සාපේක්ෂකව ඊට වඩා ඉහළ අගයකට යනු ඇති බවට අපේක්ෂාවක් පැවතියද ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 2019ට සාපේක්ෂව අඩු වී තිබේ.
එයට හේතු ලෙස මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය නිසා විශාල පිරිසක් රට හැර යාමත්, දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින කලකිරීම, ප්‍රධාන පක්ෂ මුහුණ දුන් දේශපාලන අර්බුදයන් ඊට හේතු වන්නන්ට ඇති බවයි.
2019 ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ 3%ක් වැනි පහළ අගයකට වැටුණද 2024 වන විට තත්ත්වය උඩුයටිකුරු කරමින් ජාතික ජන බලවේගය ලෙස බලපෑම් සහගතම කණ්ඩායම ලෙස ඔවුන් ඉදිරියට පැමිණීම මෙවර මෙරට දේශපාලන පිටියේ සුවිශේෂී සළකුණක් තබන්නක් විය.
ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙක් මැතිවරණ සටන් බිමේ සිටීම හේතුවෙන්ම ජන්ද බෙදී යාම වැළැක්විය නොහැකි නමුත් ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 80% ඉක්මවා නොයාම තුළ 2019 ජන්ද ප්‍රතිඵලය ඉක්මවා යාමක් සිදුනොවනු ඇති බවට අනුමාන කළ හැකිය.
ආශිකා බ්‍රාහ්මණ