කන්දකාඩු කඳවුරේ බළධාරීන් දන්නෙත් නැතුවම රැඳවියෙක් මිය ගිහින්

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියෙකු මයගොස් තිබෙනවා. අදාල රැඳවියාගේ මළසිරුර පාලු නේවාසිකාගාරයක තිබියදී හමු‌ වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලීසිය පවසන්නේ.

වසරක දඬුවම් කාලයක් සඳහා මෙම රැඳවියා පසුගිය අගෝස්තු 28 වැනිදා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.

පුනරුත්තාපන කඳවුරේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයේ එල්ලී සියදිව නසා ගැනීමට රැඳවියා උත්සාහ කර ඇති අතර ඒ සඳහා භාවිතා කළ මෙට්ට කවරයක කොටස කැඩී ඔහු බිම වැටී තිබෙනවා. කඳවුරේ බළධාරීන් සොයා ගන්නා විට ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...