ණයහිමියන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා – මහබැංකු අධිපති

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල්‍ය සහන ලබා ගැනීම සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාවය අතිශය තීරණාත්මක බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. දැනට මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා ඉදිරියට යාමට නම් ණයහිමියන් සමග අනිවාර්යෙන් එකඟතාවයකට පැමිණීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාලව ණයහිමියන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ලබන සිකුරාදා වනවිට ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාලව ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට නම් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අනිවාර්ය බවත්, එවැනි තීරණයකින් හැර ආර්ථික ස්ථායීතාවය ඇතිකර ගැනීමට නොහැකි බවත් ඔහු පවසනවා. එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු වැඩි කිරීම, ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම, බදු ආදායම් ඉහළ නැංවීම මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවත්, දෙවැනි පියවර ලෙස බරපතල ලෙස පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සිදුකළ යුතු බවත් නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙනවා.

ආර්ථික ස්ථායීතාවය වෙනුවෙන් ගන්නා ඇතැම් තීරණ සමාජයට වේදනාත්මක වනු ඇති බවත්, කෙසේ නමුත් රටේ යහපත වෙනුවෙන් සීමිත කාලයකට හෝ ජනතාවට එම වේදනාව ඉවසීමට සිදුවන බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...