කැබ්රියකින් ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125 ක් පොලිස් බාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දොම්පෙ පනන්වල ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පිරිසක් විසිනි.

මෙම ඇමෝනියා නයිට්‍රේට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කැබ්රථයේ රියදුරු වන 41 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 05 ක මුදලක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ඇතුළු භාණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දොම්පෙ පොලීසිය වෙත බාරදී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...