කැබ්රියකින් ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125 ක් පොලිස් බාරයට

Date:

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දොම්පෙ පනන්වල ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පිරිසක් විසිනි.

මෙම ඇමෝනියා නයිට්‍රේට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කැබ්රථයේ රියදුරු වන 41 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 05 ක මුදලක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ඇතුළු භාණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දොම්පෙ පොලීසිය වෙත බාරදී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...

විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: අගෝස්තු 7, 8, 10, 11,...

ඔබට කූද්දවා පෙන්විය යුතු, රාමුවෙන් එහා ලෝකය!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): භූ දර්ශන ඡායාරූපකරණය...

ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන්...