නෙළුම් කුළුන පෙන්නලා ණය ගෙවන්න පුලුවන්ද ? පළමු දවස් 04 ට විදෙස් සංචාරකයන් 28 යි !

Date:

නෙළුම් කුලුන මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වූයේ පසුගිය 15 වැනිදායි. දිනපතා විශාල ප්‍රමාණයක් නෙළුම් කුලුන නැරඹීම සඳහා පැමිණි අතර එසේ පැමිණි ජනතාව නෙළුම් කුලුන සම්බන්ධයෙන් විවිධ අදහස් පළකර තිබිණි.

එක් භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළේ නෙළුම් කුලුන මතට නැගුණු පසු තුසිත දිව්‍යලෝකය ආසන්නයට පැමිණියා වැනි හැඟීමක් දැනුණු බවයි. ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල දින ගණන් රස්තියාදු වූ තමන් නෙළුම් කුලුන නැරඹීම සඳහා පළමුවර ආසාවෙන් පෝලිමක සිටි බවද ඇතැමුන් පවසා තිබිණි. මොහොතකට හෝ ප්‍රශ්න සියල්ලම අමතක වූ බවද ජනතාව ප්‍රකාශ කළේය.

නෙළුම් කුලුන සම්බන්ධයෙන් සාධනීය මත පළකරන පුද්ගලයන් පවසන්නේ එය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායම ණය ගෙවීම සඳහා භාවිතා කළ හැකි බවයි. කෙසේ නමුත් දේශීය සංචාරකයන්ගෙන් ලැබෙන රුපියල්වලින්, නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඩොලර්වලින් ලබාගත් ණය ගෙවන්නේ කෙසේද යන්න ගැටලුවකි.

ඊයේ රාත්‍රී රූපවාහිනී සංවාදයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාද මීට සමාන අදහසක් පළ කළේය.

කෙසේ නමුත් නෙළුම් කුලුන ප්‍රදර්ශනය කිරීම හරහා ලැබෙන ආදායමෙන් ණය ගෙවීමට නම්, විදෙස් සංචාරකයන් එය නැරඹීමට පැමිණිය යුතුය.

ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි, පළමු දින 04 ඇතුළතදී නෙළුම් කුලුන නැරඹීමට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ප්‍රමාණය 28 කි. එක් විදෙස් සංචාරකයෙකුට ඒ සඳහා ඩොලර් 20 ක් වැය කිරීමට සිදුවන අතර ඒ අනුව පළමු දින 03 තුළ හිමි වූ ඩොලර් ආදායම 560 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...